අවිධිමත් ඉදිකිරිම්වලට ඉදිරියේදී ඉඩ ලබා දෙන්නේ නැහැ – නලින්ද ජයතිස්ස
මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමට රජය කඩිනමින් කටයුතු කරන බවත්, ගං වතුර සහ හදිසි ආපදා තත්වයන්ට හේතුවන අවිධිමත් ඉදිකිරිම්වලට ඉදිරියේදී ඉඩ ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 2381ක් ආපදාවට ලක්ව ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. අනුරාධපුර, කෑගල්ල සහ මාවනැල්ල දිස්ත්‍රික්කවලින් මරණ 03ක් වාර්තා වී ඇතැයිද අමාත්‍යවරයා කීය. එක් පුද්ගල මරණයක් වෙනුවෙන් රජය රුපියල් මිලියනයක වන්දි ලබා දෙන බවද අර්ධ හා පූර්ණ හානි වෙනුවෙන් වන්දි ලබා දෙන බවද කීය.
ආපදාවලට ලක් වූවන්ට සහණ සැළසීම සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරු වෙත නිකුත්කිරීමට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
සංවර්ධන ක්‍රියාවලියේදී ආපාදා කළමණාකරණය කෙරෙහි එතරම් අවධානය යොමු නොවීම මීට හේතු වී ඇති බවත් ඉදිරියේදී අවිධිමත්ඉදි කිරිම්වලට ඉඩ ලබා දෙනේනේ නැතැයිද කීය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මේ සම්බන්ධයෙන් සෘජුව අවධානය යොමු කර ඇති බවත් අදාළ අමාත්‍යාංශ සහ නිලධාරින් මෙහෙයවමින් මේ සඳහා ස්ථිරසාර විසඳම් සෙවීමට කටයුතු කරන බවද කීය. මී ළඟ අයවැයෙන්ද ඒ සඳහා වැඩිපුර මුදල් වෙන් කෙරෙන් බවද කීය.