Latestදේශීය

නාමල් ඇයි මේ බයවෙලා ?

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දේශපාලන රැකවරණය ලබාදීමේ සංස්කෘතිය සම්බන්ධයෙන් අතීත හා වත්මන් දේශපාලන තත්ත්වය විවේචනය කරමින් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ අතීතයේ පැවති ආණ්ඩු අපරාධකරුවන් ආරක්ෂා කළ බවයි.

මෛත්‍රී-රනිල්-සජිත් ආණ්ඩුව අපරාධකරුවන් ආරක්ෂා කළ බව ඔහු ප්‍රකාශ කළේය. ගෝඨාභය-රාජපක්ෂ ආණ්ඩුවත් අපරාධකරුවන් ආරක්ෂා කළ බව ඔහු සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව කිසිදු අපරාධකරුවෙක් ආරක්ෂා නොකරන බව මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.

මහමගදී ඝාතනය කරන දේශපාලන සංස්කෘතිය සහ අපරාධ සංස්කෘතිය මේ රටෙන් අවසන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් රජය සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස යමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා පොහොට්ටුව පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු නම් කරමින්, ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන් බවට චෝදනා කළේය.

ඔහු සිහිපත් කළේ තංගල්ලේ පොහොට්ටුවේ සභාපතිවරයෙකු විසින් සුදු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමකි. මෙම ඝාතනය සිදුවූයේ අදාළ සුදු ජාතිකයා තම බිරිඳ වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩරාව දූෂණය කිරීමට යාම වැළැක්වීමට විරුද්ධ වීම හේතුවෙනි.

මෙහිදී ඔහු එම සභාපතිවරයා “මේ නාමල්ලාගේ ගෝලයෝ” ලෙස හඳුන්වමින්, ඔහු අදටත් වසර 20ක් සිර දඬුවම් විඳින බව පැවසීය.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස නම් කළ පොහොට්ටුවට සම්බන්ධ පුද්ගලයන් අතර පියල් මනම්පෙරි (ප්‍රාදේශීය සභා මන්ත්‍රී), සම්පත් මනම්බරී , සහ පාක්ෂිකයෙකු වන “බැකෝ සමන්” ද වෙති. ඔහු චෝදනා කළේ මෙම පුද්ගලයන්ට පොහොට්ටුවේ නායකත්වය දෙන බවයි.

මහින්ද ජයසිංහ මහතා “බැකෝ සමන්ගේ” දුරකථන වල තිබී හෙළිදරව් වූ තොරතුරු සම්බන්ධයෙන්ද කරුණු දැක්වීය. දුරකථන වල “නාමල් සර්” සහ “මගේ සර් රාජපක්ෂ” යන නම් සඳහන් වන බව ඔහු හෙළි කළේය. කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ, අදාළ “නාමල් සර්” යනු මේ නාමල්ද වෙනත් නාමල් කෙනෙක්ද යන්න හෝ “මගේ සර් රාජපක්ෂ” යනු රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙනත් රාජපක්ෂ කෙනෙක්ද යන්න තමන් නොදන්නා බවය

නාමල් මහතා සංවිධානාත්මක අපරාධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයක් නැත්නම්, ඔහු බිය වීමට කාරණයක් නොමැති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *