2025 වසරේ ඉඩම් අක්කර 672ක් ජනතාවට නැවත ලබාදීලා
2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති, අරුණ ජයසේකර පවසයි.
එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක්ද ඇතුළත් බව ඔහු සඳහන් කරයි.
අදාළ ඉඩම් නිදහස් කිරීම සිදුකළේ ඒ පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවටද යොමු කිරීමෙන් අනතුරුව බවයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති, අරුණ ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික පිළිතුරු අපේක්ෂා කරන පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
@Lanka Truth
Please follow and like us:

