Latestදේශීය

පතරොම් සමග තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී T56 ගිනි අවි සඳහා යොදන පතරොම් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය.

එහිදී T56 ජීව පතරොම් 08ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *