ගාසා උපක්‍රමය සහ ඊශ්‍රායල් ඇමරිකා අර්බුදය
ඔක්තෝම්බර් 22 වන දා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අන්ත දක්ෂිණාංශික මන්ත්‍රී වරුන් විසින් පලස්තීනයේ බටහිර ඉවුර හෙවත් වෙස්ට් බෑන්ක් කලාපයේ කොටසක් අත්පත් කර ගැනීමට සිදු කල චන්ද විමසීමක් හේතුවෙන් ඇමරිකාව හා ඊශ්‍රායලය අතර රාජතාන්ත්‍රික අර්බුධයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. මෙම චන්ද විමසීම සිදුවනුයේ ඇමරිකානු උප ජනාධිපති JD VANCE ද එරට සංචාරයක් සිදු කරන අවස්ථාවක දීය. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් හා මාර්ක් රූබියෝ තම විරෝධය පල කර ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙත්යාහු ද එම යෝජනාව හෙලා දැක ඇත්තේ ඇමරිකානු-ඊශ්‍රායල සම්බන්ධතා විනාශ කිරීමේ අරමුණු සහිතව පාර්ලිමේන්තුවේ සිටිනා සුළුතරයකගේ අත්තනෝමතික ක්‍රියාවක් බවට පෙන්වා දෙමිනි.
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සිටින අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් වෙස්ට් බෑන්ක් කලාපයේ 60%ක් බලයෙන් අල්ලාගෙන ඊශ්‍රායල වැසියන් මිලියන 350000ක් පදිංචි කිරීමට අරමුණු කර ගනිමින් සම්මත කර ගන්නා ලද මෙම පනත නිසා ගාසා හි හාමාස් සංවිධානය සමග අත්සන් කරන ලද සටන් විරාමය බරපතල අර්බුධයකට තල්ලු කර දමා ඇතැයි විදේශ මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.
ඊශ්‍රායලයේ මෙම අත්තනෝමතික ඈඳා ගැනීමට ඇමරිකාව කිසිදු සහයක් ලබා නොදෙනු ඇත,” යයි ට්‍රම්ප් විසින් වෙස්ට් බෑන්ක් මත ඊශ්‍රායල ස්වෛරීභාවය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්දය දීමෙන් පසු මාධ්‍ය හමුවේ සහතික කර කියා සිටියේය. මේ අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ විරෝධය ද මෙම පනතට පල වී ඇති අතර ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එයට සහය නොදෙන ලෙසත් චන්දය දීමෙන් වැලකි සිටින ලෙසත් ඉල්ලා ඇතැයි වාර්තා වුවත් එම නියෝගය නොතකා සහ පසුගිය මාසයේ ඊශ්‍රායලයට මෙම මතභේදාත්මක පියවර ගැනීමට ඉඩ නොදෙන බවට ට්‍රම්ප් දුන් පොරොන්දුව ද නොතකා මෙම පනත් සම්මත කරනු ලැබ ඇත.
නමුත් අගමැතිවරයා ගේ නිවේදනය තුල වෙස්ට් බෑන්ක් හි ඊශ්‍රායලයේ ස්වෛරිභාවය තහවුරු කර ගැනීම සඳහා ගෝලාන් හා ජෙරුසලම් ඈඳා ගත් ආකාරයේ වැඩ පිළිවෙලක් ද ඔහු ඉදිරිපත් කර ඇත. අදාළ සම්මත කර ගන්නා ලද පනත් සංකේතාත්මක බවට ද පෙන්වා දී ඇති අතර අදාල අත්පත් කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අවශ්‍ය බවද සඳහන් කර ඇත. මෙම හදිසි යෝජනාව ඇමරිකාව හා ඊශ්‍රායලය අතර සම්බන්දතා පලිදු කිරීමට හා විපක්ෂය සතුටු කිරීම සඳහා සිදු කරන ලද්දක් යයිද නෙතන්යාහු අගමැති වරයා ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මිට පෙරද මෙම වසරේ අගෝස්තු මාසයේදී වෙස්ට් බෑන්ක් තුල ඊශ්‍රායල වැසියන් සඳහා නිවාස 3400ක් ඉදි කිරීමට යෝජනාවක් සම්මත කර ගන්නා ලද අතර එය එජා සංවිධානයේ බරපතල විවේචනයට හා හෙලා දැකීමටද ලක් විණි. මේ වන විට වෙස්ට් බෑන්ක් හි ඊශ්‍රායල වැසියන් ලක්ෂ 5ක් බලයෙන් ජිවත් වේ.
මෙම අනිසි ක්‍රියා කලාපයන් හේතුවෙන් එක්සත් ජනපද පරිපාලනය තුළ ද කෝපය වර්ධනය වෙමින් පවතී. “ඊශ්‍රායල ජාතිකයින්ට අපි කියන්නේ ට්‍රම්ප් පරිපාලනය ජෝ බයිඩන් හා සමානව සලකන්න ලෑස්ති වෙන්න එපා කියලයි,” යයි නිර්නාමිකව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි. මෙම සංසන්දනය නෙතන්යාහු සහ හිටපු ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා අතර ඇති වූ කැලඹිලි සහිත සම්බන්ධතාවය ප්‍රතිරාවය කරන අතර, 2010 දී උප ජනාධිපති බයිඩන්ගේ සංචාරයකදී නැගෙනහිර ජෙරුසලමේ නිවාස ඒකක 1,600 ක් ඉදිකිරීම ඊශ්‍රායලය නිවේදනය කළ හා සමාන සිදුවීමක් සිහිපත් කරන බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
ඊශ්‍රායල චැනල් 12 මාධ්‍ය ඒකකයට අනුව තවත් එක්සත් ජනපද නිලධාරියෙක් ඊටත් වඩා සෘජු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය:
“නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප්ගේ පිටුපසින් පිහියෙන් ඇන ඇත.” ඔහු දිගටම බලයේ සිටියොත්, ඔහු ගාසා ගිවිසුම කඩාකප්පල් කරනු ඇත” යයි පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපතිවරයා JD VANSE මාධ්‍ය වෙත පවසා සිටියේ එම ඡන්දය “ඉතා මෝඩ දේශපාලන උපක්‍රමයක්” සහ ඇමරිකාවට හා තමන්ට “පෞද්ගලිකව සිදු කල අපහාස කිරීමක්” ලෙස හඳුන්වන බවය.
ඉන් පසුව ඇමරිකාව හා ඊශ්‍රායලය අතර නැගී එන රාජතාන්ත්‍රික ආතතීන්ගේ පසුබිමකට එරෙහිව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ බ්‍රහස්පතින්දා සවස ජෙරුසලමේදී නෙතන්යාහු හමුවීමට ඊශ්‍රායලයට පැමිණි අතර මිනිත්තු දෙකකටත් වඩා අඩු කාලයක් පැවති කෙටි ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, වාර්තාකරුවන්ගෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව, දෙදෙනාම ඔවුන්ගේ එකමුතුකම ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහ. නෙතන්යාහු ඊශ්‍රායලයට “තීරණාත්මක දින” ගැන කතා කළ අතර, “ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට” සහ “සාමය ප්‍රවර්ධනය කිරීමට” වොෂින්ටනය සමඟ “වැඩ කිරීමට” ඔහුගේ සූදානම ප්‍රකාශ කර සිටියේය. රුබියෝ එය අවධාරණය කළේ ගාසා තීරයේ සටන් විරාමය තහවුරු කිරීම ට්‍රම්ප් පරිපාලනය “ඉහළම ප්‍රමුඛතාවයක්” ලෙස සලකන බවත්ය. ඔහුගේ ඉහළම උපදේශකයින් ඒ අනුව ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමෙන් එය සනාථ වේ.
“අපි දැනටමත් කළ නොහැකි දෙයක් අසීරු කොන්දේසි යටතේ ඉටු කර ඇති අතර, අපි දිගටම ගාසා සාම ක්‍රියා වලිය දිගටම පවත්වා ගෙන යාමට අදහස් කරමු,” යයි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයා මාධ්‍ය ඉදිරියේ තහවුරු කර සිටියේය.
කෙසේවෙතත් “දෙරට අතර සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටීම වෙනුවට කාන්තාරයේ “ඔටුවන් පිට නැගීම” දිගටම කරගෙන යන ලෙස සෞදි අරාබියට පැවසීම සම්බන්ධයෙන් ඊශ්‍රායල මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් ඔක්තෝබර් 23 වන බ්‍රහස්පතින්දා සමාව අයැද සිටි අතර ඔහු වෙස්ට් බෑන්ක් බටහිර කලාපය ඈඳා ගැනීමේ ව්‍යාපෘතියේ ඉදිරියේම සිටිනා අයෙක් ලෙස සැලකේ.
“සෞදි අරාබිය, ජෝර්දානය, ඉන්දුනීසියාව, පකිස්ථානය, තුර්කිය, ජිබුටි, ඕමානය, ගැම්බියාව, පලස්තීනය, කටාර්, කුවේට්, ලිබියාව, මැලේසියාව, ඊජිප්තුව, නයිජීරියාව, අරාබි සංගමය සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ඊශ්‍රායල පාර්ලිමේන්තු නෙසෙට්ය විසින් මෙම යෝජිත නීති සම්මත කිරීම දැඩි ලෙස හෙළා දකින බව සෞදි මාධ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වන අතර මෙම ඊශ්‍රායල පනත් කෙටුම් පත් “ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස සලකා හෙළා දකීනු ලැබ ඇත.
ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කළ අරාබි රටවල් කිහිපයෙන් එකක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා මෙම ප්‍රයත්නය “භයානක උත්සන්න වීමක්” ලෙස සලකා හෙළා දුටු අතර ඕනෑම ඈඳා ගැනීමේ උත්සාහයක් “තහනම් කරන ලෙස හා ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර විදේශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ යුද්ධය ඇති වූ කාලය තුල දී හා 2022 මුල් භාගයේ සිට 2024 මැද භාගය දක්වා කාලය තුළ ඊශ්‍රායල ජාතිකයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් එරට පවතින අනාරක්ෂිත බව හේතුවෙන් රට හැර ගොස් ඇති බවය.
@Lanka Truth

