Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට තවත් ලොකඩ පදක්කම් දෙකක්

තුන් වැනි යොවුන් ආසියානු ක්‍රීඩා උලෙළේ දී තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ(24) සමත් විය.

ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ, බහරේන්හි දී ය.

හෙල්ල විසි කිරීම බාලක ඉසව්වෙන් ‍ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චතුර දුලාංජන සමත්විය. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර 62.51 කි. දුලාංජන, මාතලේ – යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

මේ අතර, ශානුක කොස්තා මීටර 400 බාලක ධාවන ඉසව්වෙන් ‍ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ, තත්පර 47 .72 ක කාලයක් වාර්තා කරමින්ය. ඔහු රාජගිරියේ – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි.

ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමග හිමිකර ගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 4 කි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *