Latestදේශීය

මතට නඩු ලක්ෂ 2කට ළඟයි

මෙම වසරේ ගතවූ මාස 10ක කාලයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණවල නඩු එක්ලක්ෂ අසූපන්දහස් අටසිය හැත්තෑදෙකක් පවරා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහිදී වැඩියෙන්ම නඩු පවරා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. එලෙස පවරා ඇති නඩු ප්‍රමාණය 66,593කි.

මෙහිදී ආරක්‍ෂක අංශ විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2539.5කට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව හෙරොයින් කිලෝග්‍රෑම් 1482.8ක් අත්අඩංගුවට ගෙන නඩු 58,130ක් පැවැරීමට ද ක්‍රියාකර තිබේ. කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 32.6ක් අත්අඩංගුවට ගෙන ඒවාට සම්බන්ධ වූවන්ට එරෙහිව නඩු 91ක් පවරා ඇත.

ගංජා සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 14434.4ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවාට එරෙහිව නඩු 58,724ක් ද පවරා ඇත.

මත් පෙති ලක්ෂ 30ක්, මත් කරල් ලක්ෂ 06ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා භාවිත කළ, විකුණූ, ප්‍රවාහනය කළ සහ ළඟ තබා ගත් අයට එරෙහිව නඩු 2808ක් පවරා තිබේ.

මේ අතර වෙනත් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 575ක් අත්අඩංගුවට ගෙන ඒවාට එරෙහිව නඩු 1474ක් ද පවරා ඇත.

ඒ අනුව මෙම වසරේ (2025) ජනවාරි 01 දා සිට ඔක්තෝබර් 22 දා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සහ නඩු 187,872 ක් පවරා ඇති බව රජයේ වාර්තා පෙන්වා දෙයි.

ආරක්‍ෂක අංශ විසින් මෙම වැටලීම් සිදු කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් එක්ලක්ෂ අනූදහස් නවසිය තිස් අටක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදුකරන ලද වැටලීම් ගණන එක්ලක්ෂ අනූඑක් දහස් තුන්සිය විස්සක් බව ද තොරතුරු වාර්තා කර තිබේ.

ඊට අමතරව මෙම වැටලීම්වලදී ටී 56, පිස්තෝල, රිවෝල්වර සහ වෙනත් අවි ද ඇතුළුව ගිනිඅවි 2097ක් ද අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පුද්ගලයන් හැට එක් ලක්ෂ විසිහත්දහස් එකසිය තිස් අටදෙනකු පරීක්‍ෂා කිරීම් සිදුකර ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *