නාමල්ගේ නියෝජිතයා නොහොත් සජිත්ගේ චමින්ද
කෝප් කමිටුව හමුවේ දිග හැරෙමින් පවතින වංචා දූෂණ පිළිබඳ විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා නාමල් රාජපක්ෂගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ නාමල් රාජපක්ෂ අතර දැඩි සම්බන්ධතාවයක් රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ ගොඩ නගා ගනු ලැබීය. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව විශේෂ අවධානයකින් පසුවිය.
විදුලි බල මණ්ඩලය යටතේ පවතින ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාවේ දී විමර්ශන ආරම්භ කළ අවස්ථාවේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එම විමර්ශන කඩාකප්පල් කිරීමට සැලසුම් සහගතව මැදිහත් වූයේය. ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම පෞද්ගලික සමාගමක් බව පවසමින් විමර්ශන කඩාකප්පල් කිරීමට මැදිහත් විය.
මහජන ධනය රුපියලක් හෝ යොදා ඇති පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කළ ආයතන පිළිබඳව විමර්ශනය කිරීමේ බලය කෝප් කමිටුවට තිබිය දී මෙම මන්ත්‍රීවරයා අදාළ විමර්ශන කඩාකප්පල් කිරීමට මැදිහත්වීම බැඳුම්කර කොල්ලය පිළිබඳව කෝප් කමිටු විමර්ශන කඩාකප්පල් කිරීමට එවකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දරණ ලද ප්‍රයත්නය හා සමාන වේ.
@Lanka Truth

