“රටම එකට” දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්
ඔක්තෝබර් 30 වෙනි දින සිට ජාතික මට්ටමෙන් ආරම්භ කෙරෙන “රටම එකට” යනුවෙන් නම් කර ඇති විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට පාර්ශව 23ක් ඒකාබද්ධ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක එම මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරන අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක එම කමිටුවේ ලේකම් ධුරය දරයි. ඊට අමතරව, කලාකරුවන්, ආගමික නායකයින්ගේ නියෝජිතයින්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යංශ ගණනාවක ලේකම්වරු පත් කර සිටිති.
පොලිස්පති මෙන් ම ත්‍රිවිධ හමුදාපතිවරු ද, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ, ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, පුනරුත්තාපන කොමසාරිස්වරයා, රජයේ රස පරීක්ෂක, අන්තරාකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති, සිවිල් සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් යන ආයතන රැසක ඒකාබද්ධ මෙහෙයුමක් සැලසුම් සහගතව දියත් කිරීමට නියමිත ය.
@Lanka Truth

