රාවුල් කැස්ත්‍රෝ යලි පැමිණෙයි
කිටයුබාවේ හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ, මේ වනවිට කැරබියන් මුහුද හා වෙනිසුවේලාව, පැනමාව හා කොලොම්බියාව ඇතුළු සමස්ත දකුණු ඇමරිකානු මහද්වීපයම ආවරණය වන පරිදි සිදු වෙමින් පවතින ඇමරිකානු යුධ මෙහෙයුම් හේතුවෙන් නැවතත් කියුබානු හමුදාවට අණ දීම සඳහා කැඳවා ඇතැයි හවානා නුවරින් වාර්තා වේ.
ඔක්තෝබර් 15 වන බදාදා එරට රජයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් රහසිගතව පවත්වන ලද අතර ඊළඟ දිනයේ රටේ නිල පුවත්පත් හා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම පුවත් පත වන ග්‍රන්මා හි රාවුල් කැස්ත්‍රෝගේ යලි ආගමනය සඳහන් කර තිබේ.
ලතින් ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා යයි පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත එක්සත් ජනපදය ඔක්තෝබර් 24 වන සිකුරාදා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වෙත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් යවන ලද අතර එක්සත් ජනපද නාවික හමුදාව වෙනිසියුලාවට ඉතා ආසන්නව ඔක්තෝම්බර් 26 වන ඉරිදා දිනයේදී යුධ අභ්‍යාස සැලසුම් කර සිටින බව වාර්තා වේ. එසේම යුද නැව් හතක් කැරිබියන් වෙත සහ මෙක්සිකෝ බොක්ක වෙත යොදවා ඇති අතර, B-1B බෝම්බ හෙලන යානයක් වෙනිසියුලා වෙරළට ආසන්නව පියාසර කළේය. කෙසේ වෙතත් ධවල මන්දිරය දැනට එම ගුවන් මෙහෙයුම ප්‍රතික්ෂේප කරයි.
මේ අතර විදේශ මාධ්‍ය සඳහන් කරනුයේ කියුබානු විප්ලවයේ ඉරණම සහ සියල්ලටත් වඩා සමාජවාදී පාලන තන්ත්රයේ පැවැත්ම රහසිගතව රාවුල් කැස්ත්‍රෝ විසින් නිරීක්ෂණය කරන බව සියලුම කියුබානුවන් දැන සිටිය නමුත් හිටපු ජනාධිපති නැවත ජාත්‍යන්තර හා ජාතික දේශපාලන අවධානයට ලක් වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කළේ නැත. මේ වනවිට ඇමරිකාව විසින් වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් සහ කැරිබියන් කලාපයේ ඇමරිකානු යුද නැව් යෙදවීම කියුබානු බලධාරීන් දැඩි කනස්සල්ලට පත් කර ඇත.
ඒ අනුව ඔක්තෝබර් 15 වන බදාදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් රහසිගතව පවත්වන ලද අතර, කියුබාවේ බොහෝ විට සිදු වන පරිදි, එරට ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළු සංවේදී වනවිට ජාතික ආරක්ෂක කවුන්සිලය විප්ලවවාදී සන්නද්ධ හමුදා අමාත්‍යාංශයේ (FAR) රැස්වනුයේ එහි ක්‍රියාකාරී ආයතනවල තීරණ සහ සැලසුම් අනුමත කිරීම සඳහා වේ.
නිල වශයෙන් බලයෙන් ඉවත් වූ හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ යලි එළියට පැමිණෙන්නේ කියුබාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කරන තර්ජනවලට මුහුණ දීම සඳහාය. 2019 දී රටේ ජනාධිපති ධුරය අත්හැරීමෙන් පසු, වයස අවුරුදු 94දී රාවුල් කැස්ත්‍රෝ නැවත දේශපාලන අවධානයට ලක් වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කළේ නැත. ඔක්තෝබර් 15 වන බදාදා රහසිගතව පැවැත් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස් වීමෙන් පසු කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන “LA GRANMA”,හි මෙම තොරතුරු එහි මුල් පිටුවේ රාවුල් කැස්ත්‍රෝ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින්ගේ විශාල ඡායාරූපයක් සමඟ ප්‍රකාශයට පත් කළ අතර, ඔහු විසින් එම රැස්වීම මෙහෙය වූ බව ද සඳහන් වේ.
මෙම රැස්වීමේදී වොෂින්ටනයේ යුධ කාමී ක්‍රියාවන් හේතුවෙන් සිදු විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කියුබානු රජයේ බලධාරීන් අවධානයට ලක් කර ඇත.
නිකොලස් මදුරෝගේ පාලනය අවසන් වීම මගින් කියුබානු සමාජවාදී රජයේ ආරක්ෂාව පිළිබඳවත් මෙහිදී සාකච්චා කිරීමට ඉඩ ඇතැයි විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම ඇමරිකානු නාවික උපාමාරු දකුණු ඇමරිකානු කලාපයේ රටවලට මහත් පීඩාවක් ඇති කර ඇති අතර ට්‍රම්ප් ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ වෙනිසුවෙලාවේ නිකොලස් මධුරෝගේ පාලනය බව NEWYORKTIME පුවත්පතද පසුගිය දා වාර්තා කර සිටියේය. වොෂින්ටනය කියා සිටින්නේ වෙනිසියුලානු මාෆියා කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා ඔවුන් ඉලක්ක කර ගෙන මෙම යුධ මෙහෙයුම සිදු කරන බවයි. පසුගිය අගෝස්තු මාසයේදී, නිකොලස් මධුරෝ අල්ලා ගැනීමට ට්‍රම්ප් ලබා දුන් ත්‍යාගය ඩොලර් මිලියන 50 දක්වා දෙගුණ කරන ලද අතර, වෙනිසියුලානු වෙරළ තීරය අසළ යුද නැව් තුනක්ද රඳවන ලදී. එක්සත් ජනපදය සැප්තැම්බර් මුලදී අසල්වැසි පුවර්ටෝ රිකෝ දූපතටද ප්‍රහාරක ජෙට් යානා දහයක්ද යවා ඇත. ඔක්තෝබර් 06 වන දින, නිකොලස් මධුරෝ ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දීමේ සැලැස්මක් ව්‍යර්ථ කළ බවටද ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර වෙනිසුවේලාව එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති රාජතාන්ත්‍රික ආතතීන් සමනය කර ගැනීමට සති කිහිපයක් තිස්සේ උත්සාහ කරමින් සිටින වෙනිසියුලානු නායකයා නැවත නැවතත් සාමය සඳහා ආයාචනා කළේය, මෙවර උත්ප්රාසය මුසු ස්වරයකින්: “ඔව් සාමය, ඔව් සාමය, ඔව් සාමය, සදහටම, සාමය සදහටම, පිස්සු යුද්ධ එපා, කරුණාකර නවත්වන්න” යයි ඔහු පැවසුවේ ලෝකයේ අනෙකුත් ගැටුම් සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ යුධ විරෝධී භාවය උපහාසයට ලක් කරමිනි. පසුව ඔහු ඇමරිකානු ජනාධිපති “ටාසන්ට” සමාන කළ අතර ආක්‍රමණයට මුහුණ දීම සඳහා රුසියාවෙන් සහ චීනයෙන් චාවේස් විසින් මිලදී ගත් හමුදා උපකරණ හා අති සූක්ෂම Igla-S මිසයිල 5000ක් ඇමරිකානු හමුදා වෙනුවෙන් පරීක්ෂා කර ඇති බවද සිහිපත් කළේය.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් පීට් හෙග්සෙත්ද නිවේදනය කළේ හයවන සැක සහිත මත්ද්‍රව්‍ය ජාවාරම් නෞකාවක් ජාත්‍යන්තර මුහුදේ ගැටී ඇති බවත්, එයින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් මුළු මරණ සංඛ්‍යාව අවම වශයෙන් 43 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. “අපි අනිවාර්යයෙන්ම කොංග්‍රසයෙන් යුද්ධ ප්‍රකාශයක් ඉල්ලා සිටීමට යන්නේ නැහැ, අපි අපේ රටට එන මිනිසුන් මරා දැමීමටයි පමණයි යන්නේ,” යයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා එහි දී තමාවම ආරක්ෂා කර ගත්තේය, මන්ද ඔහු පසුගිය ජනවාරි මාසයේ ඕවල් කාර්යාලයට නැවත පැමිණි දා සිට ලොව පුරා ගැටුම් විසඳීමේ සාමය ඇති කරන්නෙකු ලෙස පෙනී සිටීමට අරගල කරමින් සිටින අතර සාමය සඳහා නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමටද අපේක්ෂා කරනු ලබයි.
නමුත් දකුණු ඇමරිකාව හා කියුබාව සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියා කලාපය අතිශයින් ප්‍රශ්න කාරී වේ. උපතින් කියුබානු ජාතිකයෙකු වන හා උග්‍ර කැස්ත්‍රෝ හා කොමියුනිස්ට් විරෝධියෙකු ලෙස ප්රකටව සිටින ඔහුගේ රාජ්‍ය ලේකම් marc tubio ට්‍රම්ප් ගේ පාලන කාලය ආරම්හයේ සිටම කියුබාවට එරෙහිව සම්බාධක උත්සන්න කරන ලදී. නමුත් රොයිටර් පුවත් සේවය මිට දින දෙකකට පෙර එනම් ඔක්තෝම්බර් 23 වනදා වාර්තා කලේ ඇමරිකාවට ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වන චීන ජාතික ZHI DONG ZHANG මෙක්ෂිකොවෙන් පැන ඇවිත් කියුබාවේ සැඟවී සිටියදී කියුබානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්ණ කරනු ලබන බවයි. නමුත් ට්‍රම්ප් මෙම රටවල් දෙකටම මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරනු ලබයි.
කෙසේ වෙතත් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ මෙම ඇමරිකානු යුධ ප්‍රහාර “ජාත්‍යන්තර නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්” බව ජාත්‍යන්තර යුධ, දේශපාලන හා නීති විශේෂඥයයින් මේ අතර අවධාරණය කර කියා සිටි. මෙම ඇමරිකානු හැසිරීම පිළිබඳව බ්‍රසීල රජය පවසන්නේ වෙනිසියුලාවට එරෙහිව සිදු විය හැකි එවැනි “බාහිර මැදිහත්වීමක්” දකුණු ඇමරිකාව තුළ “ගිනි අවුලුවනු ඇත” යනුවෙන් බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා විසින්ද පෙන්වා දෙන බවයි. ඔක්තෝම්බර් 26 වන ඉරිදා මැලේසියාවේ දී ට්‍රම්ප් හා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අතර හමුවේ දී මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ඇතැම් විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ ට්‍රම්ප්ගේ ස්වභාවය බිය ඇති කිරීම, ඔහු තනිවම බලය අත්හරිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මධුරෝට අමතර පීඩනයක් එල්ල කිරීම” පමණක් බවයි. ඔහුට ඇමරිකානු හමුදා එරට භූමියට යැවීමක් සිදු නොකරනු ඇත. හමුදා මැදිහත්වීම ලෙස දැනට දකින දේට පමණක් එය සීමා වනු ඇත යයි ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ පළමු පාලන වාරයේදී ඔහු උතුරු කොරියාව සමග ගැටී පසුව ඉහළ පෙළේ සමුළු කිහිපයක් පැවැත් වුවත්, තර්ජනය කළත් ඔහු කිම් ජොන් උන්ගෙන් කිසිවක් ලබා නොගත්තේ යයි ඔවුන් එහිදී නිදසුන් ලෙස පෙන්වා දේ.
“ට්‍රම්ප් දකුණු හා උතුරු ඇමරිකාව එක්සත් ජනපදයේ පෞද්ගලික වසමක් ලෙස සලකයි. එයින් අදහස් කරන්නේ ඔහුට සියලු පාලන තන්ත්ර අස්ථාවර කිරීමට සහ වෙනස් කිරීමට අවශ්‍ය බව නොවේ. ඔහු මධුරෝව හඳුන්වන්නේ ඒකාධිපතියෙකු ලෙස නොව, මත්ද්‍රව්‍ය අධිපතියෙකු හෙවත් බරෝන් කෙනෙකු ලෙසයි,” ප්‍රංශයේ france 24 නාලිකාවේ හිටපු වොෂින්ටන් වාර්තාකරු පෙන්වා දේ.
ට්‍රම්ප් තම මැතිවරණ වේදිකාවලදී ඇමරිකාවට පැමිණෙන ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය පිළිබඳ පුළුල් කතිකාවක නියැළුන අතර මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා, 2023 ඔක්තෝබර් සහ 2024 සැප්තැම්බර් අතර කාලයේදී ඇමරිකානුවන් 87,000ක් මිය යාමටද හේතු විය. ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ප්රචාරක රැලිවලදී, මෙම මත්ද්‍රව්‍ය වසංගතයට ඉන්ධන සපයන බවට වෙනිසියුලාව ඇතුළු වාමාංශික පාලන තන්ත්රයන්ට නිතිපතා චෝදනා කළේය.
RADIO CANADA සඳහා වසර 40ක් පුරා ලතින් ඇමරිකාව ආවරණය කළ මාධ්‍යවේදියෙකු වන ජීන්-මයිකල් ලෙප්‍රින්ස් මෙසේ සඳහන් කරයි.
“මෙය ෆෙන්ටැනයිල් සමඟ කිසියම් සම්බන්ධයක් ඇති බව පැවසීම විකාරයකි. වෙනිසියුලාව එය නිෂ්පාදනය නොකරන අතර කොකේන් ප්‍රවාහනයේ සුළු කාර්යභාරයක් පමණක් ඉටු කරයි, ගෝලීය මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් 10 සිට 12% දක්වා වෙනිසුවේලාව දායක වන බව සැබෑව නමුත් එයින් අතිමහත් බහුතරයක් පැසිෆික් කලාපය හරහා ගමන් කරන නමුත් ඒවා ඇමරිකාවට යන බවක් ඔප්පු වෙලා නෑ. ට්‍රම්ප් වෙනිසියුලාව සහ කොලොම්බියාව ඉලක්ක කරන්නේ ඒවා වාමාංශික ආණ්ඩු නිසා: නමුත් කොකේන් විශාල ප්‍රමාණයක් දක්ෂිණාංශික පාලනයක් පවතින ඉක්වදෝරය හරහා ගමන් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී මෙහෙයුම යනු පැරණි දර්ශනයක නවතම අනුවාදය පමණි.” යයි ඔහු පෙන්වා දේ.

කෙසේ වෙතත් යුධ විශේෂඥයයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ට මධුරෝ පාලනය ඉවත් කිරීම “ඉතා දුෂ්කර” වනු ඇති බවයි. “ඔහු වටා චාවේස් යුගයේ සිට ඉතා දක්ෂ කියුබානු ආරක්ෂක සේවාවක් ඇති බවත් එම ආරක්ෂක සේවය මගින් හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකානු ඝාතන උත්සාහයන් 600කට වඩා දිවි ගලවා ගැනීමට පවා දක්ෂ වූ බවත් පෙන්වා දේ. මේ වනවිටත් කියුබානුවන් 20,000ක් වෙනිසුවෙලාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා සමාජ සුබසාධන කේෂ්ත්‍රවල සේවය කරන බවත් පැවසේ.
නිකොලස් මධුරෝ වසර දොළහක කාලයක සිට බලයේ සිටී. ඔහු තම බල පද්ධතිය තහවුරු කර ගෙන ඇති අතර ඔහුට එරෙහිව දේශපාලන, මිලිටරි සහ ආර්ථික බාධක වැඩි කළද එය පෙරළා දැමීමට පහසු පාලන තන්ත්රයක් නොවනු ඇත. 1959 සිට ජූලි 26 ව්‍යාපාරයේ නායකයෙකුව සිටි ඇමරිකානු ජනාධිපතිවරුන් සියළු දෙනා සමග ගැටී අත්දැකීම් ඇති හිටපු කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සමස්ත යුධ මෙහෙයුම අතට ගැනීම මෙය තවදුරටත් සම්පූර්ණ කරනු ඇත.
එසේම එවැනි යුධ මෙහෙයුමකදී ඇමරිකන් විරෝධී සියළු ගරිල්ලා සංවිධාන තනි පෙරමුණක් ලෙස සංවිධානය වීමට ඉඩ ඇති අතර භුගෝලත්මකව ගරිල්ලා සටන්වලට හිතකර කඳු, කැලෑවලින් ආරක්ෂිත කලාපයක් වන දකුණු ඇමරිකාව තුළ පෙරමුණු කීපයක සටන් වැදීමට ඒ අනුව ඇමරිකාවට සිදු වනු ඇත. එය ගාසා තීරය තරම් පහසු මෙහයුමක් නොවනු ඇත. දීර්ඝ කාලීන ගරිල්ලා සටන්වල නියැලුණු දක්ෂ ගරිල්ලා භටයින් සමග සටන් වැදීමට හා ප්‍රහාරවලට මුහුණ දීමට එතරම් අත්දැකීම් යුධ පෙරමුණේ ලබා නොමැති ඇමරිකන් හමුදාවට ඒ අනුව සිදු වනු ඇත. ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුළින් හමුදා ඉවත් කර ගනු ලැබුවේද ඒ අනුව වන අතර සිරියානු යුධ බිම තුළ ද ඇමරිකන් සහයද ලබා ගෙන වාමාංශික PKK කුර්දිස්ථාන් ගරිල්ලන් තම ස්ථාන තහවුරු කර ගනු ලැබිණි.
ඓතිහාසිකව, ලතින් ඇමරිකාව සැමවිටම සෘජු එක්සත් ජනපද බලපෑමේ භූමියක් ලෙස සලකනු ලැබ ඇති අතර, එහි අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා නිදහසේ මැදිහත් විය හැකි අවකාශයකි. නමුත් හියුගෝ චාවේස්ගේ දේශපාලන උරුමක්කාරයා වන නිකොලස් මධුරෝ මෙම මතයට සෘජු අභියෝගයක් බවට පත්ව ඇත. විවෘතව සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී සහ ජාතිකවාදී, ඔහු එක්සත් ජනපද පරිපාලනයට සතුරෙකි.
කියුබාව සම්බන්ධයෙන් ඔවුන් ත්රස්ත්රවාදයට සහය දුන් බව පවසා සම්බාධක ත්‍රිව කර ඇත. වොෂින්ටනය සැමවිටම එහි මැදිහත්වීම් සඳහා සාධාරණීකරණයන් සොයා ගැනීමට සමත් වී ඇත. ඉරාකයේදී හා ඉරානයේදී එය න්‍යෂ්ටික අවි බලාගාර සෙවීම විය. 20 වන සියවසේදී ඇමරිකානු ආක්‍රමණය කෙසෙල් වගාවන් හා පලතුරු හා එළවලු ආරක්ෂාව සඳහා විය. සීතල යුද්ධ සමයේ එය කොමියුනිස්ට්වාදයට එරෙහි සටනක් විය. එහි සැබෑ හේතු බොහෝ විට ආර්ථික හෝ උපායමාර්ගික වේ. මත්ද්‍රව්‍ය ප්රශ්නය පැරණි කතාවක නවතම අනුවාදය පමණක් ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරනුයේ වෙනිසියුලාවේ පමණක් නොව සමස්ත ඇමරිකානු කලාපයේම ශක්තිමත් ඇමරිකානු බලපෑම නැවත ස්ථාපිත කිරීමටයි. ඔහුගේ අභිලාෂය බොහෝ පුළුල්ය: ඔහුට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදයේ බලපෑම මුළු මහාද්වීපය පුරාම ව්‍යාප්ත කිරීමටයි. කැනඩාවේ සිට පේරු දක්වා, කොලොම්බියාව, පැනමාව සහ වෙනිසියුලාව හරහා, සම්පූර්ණයෙන්ම ධ්‍රැවීකරණය කරන ලද ඇමරිකාවක් ගැන ඔහු සිහින දකියි. නමුත් පෙරමුණු රාශියක සටන් කිරීම ඉතාමත් දීර්ඝ කාලයක් ගත විය හැකි ව්‍යපෘතියක් විය හැකි අතර ඔහුට ඇත්තේ තවත් වසර තුනක පාලන කාලයක් පමණක් බවද ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දෙයි.
@Lanka Truth

