Latestදේශීය

හිස්බුල්ලාට ඇ.ඩො. මිලියන 2ක වංචාවක්

ඇමරිකානු ඩොලර් මිලියන 2ක ව්‍යාජ රත්‍රන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුහම්මද් හිස්බුල්ලාට වංචා කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයන් 11 දෙනෙකුට ඝානාවේ අක්රා (Accra) අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

පැමිණිල්ල මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුහම්මද් හිස්බුල්ලාව විශාල රත්‍රන් තොගයක් සැපයිය හැකි බව පවසා වංචා කිරීමට සැකකරුවන් 2023 වසරේදී කුමන්ත්‍රණය කර ඇති බවය.

මුදල් ලබා ගැනීමෙන් පසු ඔවුන් රත්‍රන් සැපයීමට අසමත් වී ඇති බවත් පසුව කිලෝග්‍රෑම් 50ක රත්‍රන් තොගයක් ලබා දීමට අවබෝධතා ගිවිසුමක් (MOU) සමඟ නැවත මන්ත්‍රී හිස්බුල්ලා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බවත් පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.

චෝදනා ලැබූ සියලුම දෙනා නොවැම්බර් 20වන දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *