Latestදේශීය

වසර 4කට පසු කුවේට් ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි

වසර 4කට ආසන්න කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවය යළිත් මෙරට කටුනායක ගුවන් තොටුපල දක්වා ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.

2021 වසරේ දෙසැම්බර් 31 වෙනි දින එම ගුවන් සේවය ශ්‍රී ලංකාවට පැමිණීම නවතා දැමීය.

එම ගුවන් සේවය මෙරට ගමනාන්තයක් ලෙස කටයුතු කිරීමේ දී අලාභදායක තත්වයට පත්වීම නිසා නවතා දැමූ අතර, මෙරට ආර්ථිකය ස්ථාවර වීම, ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධියට පත්වීම ඇතුළු කරුණු ගණනාවක් මූලික කර ගනිමින් ලාභ ඉපයිය හැකි ගමනාන්තයක් ලෙස වර්ගීකරණය වීම හේතුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

නව ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ (27) උදෑසන 8.40ට කටුනායක ගුවන් තොටුපලට A320 Neo වර්ගයේ ගුවන් යානය මගීන් 94 දෙනෙකු සමඟ පැමිණියේ ය. එය උදෑසන 9.40ට කටුනායක ගුවන් තොටුපලේ මගීන් 105 දෙනෙකු රැගෙන යළිත් කුවේටය බලා පිටත් වූ බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *