Latestදේශීය

මත්පැන් ලයිසන් අහෝසි වන අලුත්ම ගැසට් පත්‍රය

මත්පැන් නිෂ්පාදන ආයතන විසින් දින 90ක් ඇතුළත ගෙවිය යුතු බදු සහ ගාස්තු සම්පූර්ණයෙන් නොගෙවන්නේ නම් එම බලපත්‍රලාභියාගේ මත්පැන් නිෂ්පාදනය සහ බෙදාහැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට හැකිවන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඊයේ (28දා) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මත්පැන් නිෂ්පාදන මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන නීති සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව (3%) සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍රධාරියකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 06ක් පැවැති අතර නව ගැසට් පත්‍රය මගින් එය මාස 03 දක්වා අඩුකර කිරීමට කටයුතු කර ඇත. සුරාබදු ගෙවීම පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සෑම බලපත්‍රධාරියකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *