මහාධිකරණ බවට පත්වන ඇමති නිල නිවාස
හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ආර්. සම්බන්දන් හා හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ සනත් නිශාන්ත මහත්වරුන් භාවිත කරන ලද නිල නිවාසවල මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම නිවාස 4 ඒ වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත.
දිලුම් අමුණුගම මහතා භාවිත කරන ලද ග්‍රෙගරි පාරේ, අංක B 88 ලිපිනය සහිත නිවෙස, සනත් නිශාන්ත මහතා භාවිත කරන ලද බෞද්ධාලෝක මාවතේ අංක C76 දරන නිවෙස, කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාවිත කරන ලද විජේරාම මාවතේ අංක B 108 දරන නිවෙස හා ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි අංක B 12 නිවෙස මෙසේ මහාධිකරණ පිහිටුවීම සඳහා ලබාදීමට නියමිතය.
ඒ අනුව කඩිනමින් මේ ගොඩනැඟිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට භාරදීමට සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච් අබයරත්න මහතා විසින් ඇමැති මණ්ඩලය දැනුම්වත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) පැවති කැබ්නට් මණ්ඩලය හමුවේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච්. අබයරත්න මහතා මේ සම්බන්ධයෙන් කළ යෝජනාවට අනුමැතිය ද හිමිව තිබේ.
@දිනමිණ

