Latestවිදේශීය

ජැමෙයිකාවේ සුළි කුණාටුව කියුබාව දෙසට

ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව ‍මේ වන විට කියුබාව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තාවේ.

මෑත ඉතිහාසයේ දූපත් රාජ්‍යයකට කඩා වැඳුණු දරුණුතම සුළි කුණාටු අවස්ථාව ලෙස මෙය හැදින්වෙන අතර එය මේවන විට සිව්වැනි කාණ්ඩයේ විනාශකාරී කුණාටුවක් දක්වා ශක්තිමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“මෙලිසා” සුළි කුණාටුව ඊයේ සවස් කාලය වන විට ජැමෙයිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් සිදු කළ අතර, පැයට කිලෝ මිටර 300කට ආසන්න වේගයකින් හමා ගිය බව වාර්තා වේ.

මෙලීසා සුළි කුණාටුව 7 දෙනෙකුට මරු කැඳවමින්, ජැමෙයිකාවට ගංවතුර සහ ව්‍යසනකාරී සුළං ගෙනවිත් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සුළි කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී ඇති අතර, 15,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ, සුළි කුණාටුව මොන්ටේගෝ බොක්ක හරහා දකුණු දෙසින් කිලෝ මිටර 62 ක් පමණ දුරින් පිහිටි නිව්හෝප්ස් නගරය ආසන්න ගොඩබිමට පැමිණි ඇති බවයි.

සුළි කුණාටුවෙන් බලපෑමට ලක්විය හැකි කියුබානු රාජ්‍යය මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර, රට පුරා හත් ලක්‍ෂ 35,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඊයේ රාත්‍රියේ සිට ක්‍රියා කළ බව, වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *