Latestක්‍රීඩාදේශීය

දකුණු ආසියාවේ අනුශූරයෝ ඔලිම්පික් බලාපොරොත්තු ඇතිකරයි

ඉන්දි­යාවේ රංචි නුව­රදී නිමා වූ 4 සිවු­වැනි දකුණු ආසි­යානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී පද­ක්කම් 40ක් සම­ඟින් අනු­ශූ­ර­තාව දිනා­ගත් ශ්‍රී ලංකා කණ්ඩා­යම ඊයේ යළි මෙර­ටට පැමි­ණි­යේය. එහිදී රන් පද­ක්කම් 16ක්, රිදී පද­ක්කම් 14ක් සහ ලෝකඩ පද­ක්කම් 10ක් ශ්‍රී ලංකා­වට හිමි විය. සමස්ත පද­ක්කම් 58ක් (රන් 20, රිදී 20, ලෝකඩ 18) ඉන්දි­යා­වට ශූර­තාව හිමි විය.

මේ තර­ගා­ව­ලියේ වැඩිම අව­ධා­න­යක් දිනා­ගත් ක්‍රීඩාව බවට ත්‍රිත්ව රන් පද­ක්කම් දිනූ ෆාතිමා සෆියා යාමික් පත්වූ අතර, ඇය එහිදී වසර 28ක් පැරණි වාර්තා­වක් ද අලුත් කර තිබිණි.

සෆියා මෙර­ටට පැමි­ණී­මෙන් අන­තු­රුව පැව­සුවේ 2028 වසරේ පැවැ­ත්වී­මට නිය­මිත ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළේදී ශ්‍රී ලංකාව පද­ක්ක­මක් දිනා දීම අනා­ගත බලා­පො­රො­ත්තුව බවයි. කෙසේ වෙතත් ඉන් පෙර පැවැ­ත්වෙන ආසි­යානු සහ පොදු­රද මඬුලු ක්‍රීඩා උලෙ­ළ­ව­ලදී දස්කම් දැක්විය යුතු බව ද ඇය කීවාය.

“මගේ අනා­ගත බලා­පො­රො­ත්තුව 2028 වසරේ ශ්‍රී ලංකා­වට කුමන හෝ පද­ක්ක­මක් දිනා දීම. ඒත් ඔලි­ම්පික් පද­ක්ක­ම­කට යන්න කලින් ආසි­යානු ක්‍රීඩා උලෙ­ළට සහ පොදු­රද මඬුලු ක්‍රීඩා උලෙ­ළට යන්න තියෙ­නවා. එත­කොට මගේ දැන් තියෙන ටයි­මින් එකත් එක්ක තව ටයි­මින් වැඩි­දි­යුණු කර­ගන්න ඕන. මගේ සැලැස්ම දන්නේ මට වඩා මගේ පුහු­ණු­කරු වන එස්.බී. විතාන මහ­තායි.” සෆියා යාමික් කියා සිටි­යාය.

සිය රන් පද­ක්කම් ත්‍රිත්වය සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ඇය කියා සිටියේ තරග වාර්තා 3ක් සමඟ රන් පද­ක්කම් 3ක් දිනා ගැනී­මට හැකි වීම සතු­ටක් බවයි. තරග අව­සා­නයේ තුන් වතා­වක් ජාතික කොඩිය එස­වෙද්දී දෑසින් කඳුළු ආ බවත්, ඒ වේලාවේ පපුව පිච්චී යන සතු­ටක් දැනුණු බවත් ඇය හැඟී­ම්බ­රව පැව­සු­වාය.

වසර 6ක් ජාත්‍ය­න්තර තර­ග­ව­ලදී ශ්‍රී ලංකා සහාය කණ්ඩා­යම නියෝ­ජ­නය කළ ඇය තනි ඉස­ව්ව­කින් තරග බිමට පිවිසි පළමු අව­ස්ථාව මෙය විය. එහිදී රන් පද­ක්කම් දිනා ගැනී­මට හැකි­වීම සතු­ටක් බවට ද ඇය කීවාය.

කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.53කින් නිම කර­මින් තර­ගා­ව­ලියේ වාර්තා­වක් පිහි­ටවූ 26 හැවි­රිදි සෆියා මීටර් 200 ඉස­ව්වේදී සිය හොඳම දස්කම සම­ඟින් තත්පර 23.58කින් නිම කර රන් පද­ක්ක­මට හිමි­කම් කීවේ 1998 වසරේ ඉන්දි­යාවේ පී.ටී. උෂා තත්පර 23.90කින් තබා තිබූ වාර්තාව ද මකා දම­මිනි. ඇය නව තරග වාර්තා­වක් බිහි කර­මින් කාන්තා මීටර් 100 සහාය ඉසව්වේ රන් පද­ක්කම දිනා­ගත් කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක ද වූවාය.

“මීටර් 100 ඉස­ව්වේදී අභි­යෝ­ග­යක් තිබ්බේ නැහැ. ඒත් මීටර් 200 ඉස­ව්වේදී ඉන්දි­යාවේ සාක්ෂි­ගෙන් අභි­යෝ­ග­යක් එල්ල වෙයි කියලා හිතුවා. ඒත් මගේ මූලික වටයේ තර­ග­යේදී එයා හිටියේ නැහැ. ඉතිං මට හොඳ ටයි­මින් එක­කට යන්න පුලු­වන් වුණා. මම ලංකා­වේදී අන්තිම දිව්වේ 23.78ක්. ඒත් සාක්ෂිගේ අභි­යෝ­ගය නිසා මට 23.58ක් වාර්තා කරන්න පුළු­වන් වුණා.”

මේ තර­ගා­ව­ලියේ වටි­නාම ක්‍රීඩ­කයා ලෙස සම්මාන දිනා ගැනී­මට පිරිමි හෙල්ල විසි­කි­රීමේ ඉස­ව්වේදී මීටර් 84.29ක දක්ෂ­තා­වක් සමඟ රන් පද­ක්ක­මට හිමි­කම් කී රුමේෂ් තරංග සමත් විය.

“පළමු වතා­වට දකුණු ආසි­යාවේ දක්ෂ­තම ක්‍රීඩ­කයා වීමට ලැබීම සතු­ටක්. මේ අවු­රුද්දේ මගේ හැම තර­ග­යක්ම හොඳින් නිමා වී තිබෙ­නවා. මම බලා­පො­රොත්තු වෙනවා ලබන වස­රේදී මීට වඩා හොඳ විදි­හට සීසන් එක ඉවර කරන්න. ලබන වසරේ තියෙන පොදු­රද මඬුලු සහ ආසි­යානු ක්‍රීඩා උලෙ­ළ­ව­ලදී උප­රිම දෙයක් කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම 2027 සහ 2028 ලෝක මලල ක්‍රීඩා සහ ඔලි­ම්පි­ක්ව­ලදී පද­ක්කම් දිනා ගැනීම එකම බලා­පො­රො­ත්තු­වයි.” රුමේෂ් තරංග අද­හස් දක්ව­මින් පැව­සීය.

මීටර් 100 ජය ගනි­මින් දකුණු ආසි­යාවේ වේග­වත්ම ක්‍රීඩ­කයා වූ චමෝද් යෝධ­සිංහ පැව­සුවේ “දකුණු ආසි­යාවේ වේග­වත්ම ක්‍රීඩ­කයා වීම ගැන විශාල සතු­ටක්. මම වසර 4ක් අඛ­ණ්ඩ­වම මීටර් 100 ජාතික ශූරයා. මගේ බලා­පො­රො­ත්තුව ආසි­යානු, පොදු­රඳ මඩුලු සහ ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළ­ව­ලදී පද­ක්කම් දිනා ගැනී­මයි.”

මේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් පිළි­ගැ­නීම සඳහා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි අතර, එහිදී ඇමැ­ති­ව­රයා පැව­සුවේ මෙය සතුටු විය යුතු දව­සක් බවයි.

“අද සතුටු විය යුතු දව­සක්. ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල ජය­ග්‍ර­හ­ණ­යක් අත්කර ගත්තා. මේක අපිට විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක්. අපේ ලංකාවේ අනා­ග­තයේ ක්‍රීඩාවේ දිසාව පෙන්වන, තීර­ණය කරන ජය­ග්‍ර­හ­ණ­යක්. අපි මේ සඳහා අමා­ත්‍යාං­ශය ලෙස මැදි­හත් වුණා. අපි මේ ක්‍රීඩ­ක­යන් තෝරලා අනු­ග්‍ර­හය දැක්වුවා. අනා­ගත ඔලි­ම්පික් වැඩ­ස­ට­හනේ ඉන්න ක්‍රීඩ­ක­ය­නුත් මේකේ ඉන්නවා. අපි ක්‍රියා­ත්මක කළ වැඩ­ස­ට­හ­නක් විශේ­ෂ­යෙන්ම පිටි­ව­හ­ලක් වෙලා තියෙ­නවා තමන්ගේ ජය­ග්‍ර­හණ අත්පත් කර ගැනී­මට” ක්‍රීඩා ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

මේ තර­ගා­ව­ලිය වසර 17කට පසුව සංවි­ධාන කළ අතර, අව­සන් වරට 2008 වස­රේදී පවත්වා තිබිණි.

මේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් පිළි­ගැ­නීම සඳහා ක්‍රීඩා ඇමැ­ති­ව­ර­යාට අම­ත­රව ක්‍රීඩා අමා­ත්‍යාංශ නිල­ධා­රීන්, ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අංශ නිල­ධා­රීන් සමඟ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ මවු­පි­යන් ඇතුළු පිරි­සක් ද ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

මේ ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ ඊයේම සිය ගම්බිම් බලා පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට උණු­සුම් පිළි­ගැ­නී­මක් දක්නට ලැබිණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *