Latestදේශීය

නාමල්ගෙන් වන්දි ගන්න

කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා වෙතින් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගත යුතු බවට වන යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේදී  ඉදිරිපත් වී තිබේ.

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොනු කළ නඩුවක් වෙනුවෙන් මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා මෙම මුදල අය කර ගත යුතුව ඇතැයි යෝජනාවෙන් කියයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණශාන්ත මහතා විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ පිළිබඳ යෝජනාව කුරුණෑගල මහ නගර සභාවේ මාසික රැස්වීමට පෞද්ගලික යෝජනාවක් ලෙස තමන් විසින්ම ඉදිරිපත් කළ බවයි.

“දේශ­පා­ලන වාසි ගැනීමේ අර­මු­ණින් වත්මන් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා එම කාල­යේදී කුරු­ණෑ­ගල මහ නගර සභාව, නග­රා­ධි­ප­තිවරයා සහ තවත් අය වග­උ­ත්ත­ර­ක­රු­වන් කර­මින් මැණ්ඩා­මුස් රිට් ආඥා­වක් ඉල්ලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කර තිබූණා. ඒ සඳහා පෙනී සිටී­මට කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිර­ප­රාදේ වැය කිරී­මට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යා­ගෙන් අය කර ගත යුතුයි.

නාමල් කරු­ණා­රත්න මහතා විසින් පව­රන ලද එම අභි­යා­චනා නඩු­වට නඩු ගාස්තු ලෙස රුපි­යල් මිලි­යන 24ක මුද­ලක් ගෙවී­මට මුදල් ස්ථාවර කමි­ටුව විසින් නිර්දේශ කර තිබුණා. නීත්‍ය­නු­කූ­ලව එම මුදල සභා­වෙන් දරා තිබෙ­නවා.

අන­තු­රුව අදාළ ස්ථානය පුරා­විද්‍යා වටි­නා­ක­මක් නැති ස්ථාන­යක් බවට ප්‍රබල සාක්ෂි සහි­තව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද මෝස­මක් හේතු­වෙන් නාමල් කරු­ණා­රත්න මහතා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්ක­ර­ගෙන තිබෙ­නවා. මේ තත්ත්වය මත බොරු නඩු­වක් පට­ල­ව­මින් කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිර­ප­රාදේ වැය කිරී­මට සිදුව ඇති මහ­ජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහ­තා­ගෙන් අය කර ගත යුතුයි.”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *