Latestදේශීය

වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයේ

වසර 12 කට පසුව ගිය වසරේ (2024) පැවැත්වූ  ජන හා නිවාස සංගණනයේ දී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800 ක් ලෙස වාර්තා වී ඇත.

ඉන් සියයට 51.7 ක් ස්ත්‍රීන් ද සියයට 48.3 ක් පුරුෂයින් ද වේ.
නාගරික අංශයේ සියයට 51.9 ක් ස්ත්‍රීන් වන අතර පුරුෂ ප්‍රතිශතය 48.1 ක් වේ. ග්‍රාමීය සහ වතු
ග්‍රාමීය අංශවල ස්ත්‍රී ප්‍රතිශතයන් 51.7 හා 51.4 ද පුරුෂ ප්‍රතිශතයන් පිළිවෙලින් 48.3 හා 48.6 ද වේ.
වතු නාගරික අංශයේ පිළිවෙලින් 50.4 ක හා 49.6 ක ස්ත්‍රී සහ පුරුෂ ප්‍රතිශතයන් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය 93.3 ක් වේ.

අවසන් වරට 2012 වසරේ දී සිදු කළ ජන හා නිවාස සංගණනයේ දී  ලංකාවේ වැඩිම ජනගහනය වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එහෙත් 2024 ජන හා නිවාස සංගණනයේ දී ලංකාවේ වැඩිම ජනගහනය වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය 2436142 ක් වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ 2375415 ක ජනගහනයකි.

ශ්‍රී ලංකාවේ පවත්වන ලද ජන සංගණන මාලාවේ 15 වන සංගණනය වූ “ජන හා නිවාස සංගණනය
2024” හි ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් මස 07 දින සිට 2025 පෙබරවාරි මස දෙවන
සතිය දක්වා සිදු කර තිබේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *