සුරාබදු නිළධාරීන් 05ක් අත්අඩංගුවට
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජුනි මාසයේ කොළඹ 11, හෙට්ටිවීදිය ප්රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් 102,000,000ක (දසකෝටි විසි ලක්ෂය) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ පසුගිය ජුනි මස 5 වනදා මෙම සැකකරුවන් විසින් අදාළ රන් භාණ්ඩ වෙළඳසැල් දෙකට නීත්යානුකූල වැටලීමක් සිදුකරන ආකාරයෙන් පැමිණ එම වෙළඳසැල්වලින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සහ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
පසුව ඉන් සිව්දෙනෙකු සතුව නීතිවිරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අනතුරුව සිය භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 5ක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවුරුදු 30ත් 46ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්රදේශවල පදිංචිකරුන් බව පොලීසිය පවසයි.
ඔවුන් ඊයේ (30) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

