Latestදේශීය

තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් රටපුරා

තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රෙස්නි කසීම් මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, දියවැඩියා රෝගීන්ගේ තුවාල පිළිකාවකට වඩා දරුණු වන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ දියවැඩියා රෝගීන්ගේ පාදයේ ඇති වෙන සුළු තුවාලයකින් පවා පාදය කපා ඉවත් කිරීමට සිදුවන අවස්ථා විරල වන බවය.

එමෙන්ම දියවැඩියා ‍රෝගය නිසා මෙසේ පාදයක් අහිමි වුවහොත් ඉන් 30%ක ප්‍රමාණයකට අවුරුදු තුනක් ඇතුළත ඉතිරි පාද‍ය ද අහිමි වී යාමේ සම්භාවිතාව වැඩි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රෙස්නි කසීම් මහතා,

‘‘දියවැඩියා තුවාල හැදෙන චාන්ස් එක සියයට විස්සක් විතර වෙනවා. ඒ කියන්නේ සිය දෙනෙක්ට සුගර් තිබ්බා නම් විස්සකට මේ ලෙඩේ හැදෙන්න පුළුවන්.ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පහළොස් ගුණයක්, තිස් ගුණයක් විතර වැඩියි තමාගේ කකුල අයින් වෙන්න. හැබැයි මේ හැම අයින් වෙන කකුලක්ම සීයට අසූ පහක්, අනූවක්ම පටන් ගන්නේ පොඩි පාදයේ තුවාලයකින්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. රුධිරය හරියට යන්නේ නැහැ. ස්නායු හරියට වැඩ කරන්නේ නැහැ සුගර් හින්දා. ඒ විතරක් නෙවෙයි කැල්සියම් හැදෙනවා. ලංකාවේ අඩුම ගානේ මිලියන දෙකක් ඉන්නවා දියවැඩියා ලෙඩ්ඩු. ඒක අවුරුද්දකට හතළිස් දාහක් අලුත් තුවාල හැදෙනවා. දැන් මේ මොහොතේ පවා ලක්ෂයක් විතර ඉන්නවා දියවැඩියා තුවාල තියෙන අය ලංකාවේ. මේ හැම තුවාලයක්ම කකුල නැති වෙලා යන තත්ත්වයකට යන්න පුළුවන්.

එතකොට ඇයි අපි හිතන්නේ මේ දියවැඩියා තුවාල තියෙන එක පිළිකාවක් වගේද? දෙකේම පොඩි සමානකම් තියෙනවා. දෙකම දිගුකාලීනව තමයි ඕක වෙන්නේ. එන්න එන්නම වැඩිවෙනවා. ජීවිතෙත් නැතිවෙන්න පුළුවන්. දැන් ඔක්කෝම කැන්සර්ස් එකතු කළත් 30% අවුරුද්දක් ඇතුළත මිය යන්නේ. දැන් අපේ හොස්පිටල් එකේ 35% අවුරුදු හතරකදී ජීවතුන් අතර හිටියේ අපේ වාට්ටුවේ අයින් කරපු කකුල්වලින්. ඒ කියන්නේ තුනෙන් දෙකක්ම ජීවිත නැති වෙනවා කකුල් අයින් වුණාට පස්සේ. දියවැඩිය තුවාලයක් හින්දා කකුලක් නැති වුනොත් සීයට තිහක් අවුරුදු තුනක් ඇතුළත අනිත් කකුලත් නැති වෙනවා. සීයට හැටහයක් අවුරුදු පහක් ඇතුළත නැති වෙනවා. ඒ කියන්නේ මේක කැනසර් එකකට සමාන කළොත් අගන්‍යාසයේ පිළිකා සහ පෙනහළු පිළිකා විතරයි මීට වඩා දරුණු ලෙස තියෙන්නේ. අනිත් ඔක්කොම පිළිකා මේකට වඩා හොඳයි. ‘‘

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *