Latestදේශීය

පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ලංකාවට

වතිකාන රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් (Paul Richard Gallagher) නොවැම්බර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආධ්‍යාත්මික ගමනට නිහඬ වටිනාකමක් එක් කරන මොහොතක් ලෙසද සැලකේ .

ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශනයක් පවත්වන බව අමාත්‍යාංශය පවසයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පල්ලි ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීම මෙම වැඩසටහනට ඇතුළත් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *