Latestදේශීය

DIG රන්මල්ගේ නංගි නෙමෙයි

පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් කාර් රථයක් නවත්වන ලද අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කරමින් සහ එම කාන්තාව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරන වීඩියෝවක් මේ වන විට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම 2025.10.31 වන දින ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ උඩුගම්පොළ මාර්ගයේ සිදුව ඇති අතර, කාර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් රථවාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේදී, කාර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථ වාහන නිලධාරීන් විසින් මෙම කාර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොල ප්‍රදේශයේදී නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදී මෙසේ හැසිරී ඇත.

අනතුරුව මෙම ස්ථානයෙන්ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේදී රථය නවත්වා ගෙන මෙම සැකකාර කාන්තාව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. 

සැකකාර කාන්තාව, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් වන අතර එවැනි කිසිම සබඳතාවයක් අනාවරණය වී නොමැත.

ඒ අනුව, සැකකාරිය අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම හා අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ 2025.11.01 වන අද දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *