කෝටි 3ක අයිස් එක්ක පද්මේගේ 3ක් කොටුවෙයි
කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් තිදෙනකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම ජාවාරම්කරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 165ක් සොයා ගැනීමට හැකි වී ඇත. ජාවාරම්කරුවෝ වත්තල පල්ලියවත්ත අවරකොටුව ගලහදුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 21ත් 28ත් වයස් සීමාවල පසුවන පුද්ගලයෝය.
මෙම ජාවාරම්කරුවන් තිදෙනාගෙන් එක් අයකු කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන බව විමර්ශනවලින් හෙළිවී ඇත.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

