මහින්දගේ නෙවිල්ට ඇප
රුපියල් මිලියන 28ක වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක ප්‍රධානි නෙවිල් වන්නආරච්චි මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදාහල අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇත. මෙම නඩුව ජනවාරි මස 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

