මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවයි
මාර්ග නීති කඩ කරමින් මෝටර් රථයක් ධාවනය කර පොලිස් රාජකාරියට බාධා වන ආකාරයෙන් චන්ඩි රැජිනියකගේ චරිතයක් රඟ පෑ තැනැත්තියව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දී පරීක්ෂණයකට ලක් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
පසුගිය 31 වෙනි දින කොටුගොඩ උඩුගම්පල දී පොදු ජනතාවගේ ද විරෝධයකට ලක් වූ එම කාන්තාව ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු වන රන්මල් කොඩිතුවක්කුගේ නැගනියක බව පවසමින් වියරු ලෙස හැසිරීම නිසා පොලිස් අත්තඩංගුවට ගනු ලැබීය. ඉන්පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් ගන්නා ලෙස නියෝග කර තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

