Latestක්‍රීඩාවිදේශීය

කාන්තා ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට කෝටි 50ක්

කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 51ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සායිකියා ප්‍රකාශ කර ඇත.

මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 52කින් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පළමු එක්දින ලෝක කුසලානය හිමිකරගනු ලැබීය.

එම ජයග්‍රාහණය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද ඔවුන්ට ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *