Latestවිදේශීය

සමියා ජයගනී, ටැන්සානියාව ගිනිගනී 

අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් ටැන්සා­නි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එරට පළමු කාන්තා ජනා­ධි­පති සමියා සුලුහු හසන්ගේ ජය­ග්‍ර­හ­ණය ප්‍රති­ක්ෂේප කර­මින් විප­ක්ෂය සහ දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බැස සිදු කළ විරෝ­ධ­තාව අත­ර­තු­රදී 700කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බවට තොර­තුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. වසර 2021 මාර්තු­වේදී පළ­මු­ ව­රට ටැන්සා­නි­යාවේ ජනා­ධි­පති ධුර­යට පත් වූ පාලක චමා චා මපි­න්ඩුසි පාලක පක­ෂයේ නායිකා 65 හැවි­රිදි සමියා සුලුහු පසු­ගි­යදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී 98%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබූ බව එරට මැති­ව­රණ කොමි­සම නිවේ­ද­නය කළ අතර, සිය ජය­ග්‍රාහී කතාව සිදු කර­මින් ජනා­ධි­ප­ති­නිය ප්‍රකාශ කර ඇත්තේ නිද­හස් සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෙස මැති­ව­ර­ණය පැවති බවය. පශ්චාත් මැති­ව­ර­ණය ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වූ බවට වාර්තා වුවද, විරෝ­ධ­තා­ක­රු­වන් 700කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වීම ඇය විසින් ප්‍රති­ක්ෂේප කරනු ලැබූ බව ද වාර්තා වේ.

එසේ වුවත් ප්‍රති­වාදී දේශ­පා­ල­න­ඥ­යන් සිර­ගත කිරී­මෙන් සහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම වළ­ක්වා­ල­මින් පව­ත්වනු ලැබූ මෙවර මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල ප්‍රති­ක්ෂේප කරන බව නිවේ­ද­නය කර ඇති ටැන්සා­නි­යාවේ විප­ක්ෂය එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සම­ච්ච­ල­යට ලක් කිරී­මක් බවට ද චෝදනා එල්ල කර තිබේ. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් කිරී­මත් සමඟ රට පුරා සමියා සුහු­ලුට එරෙ­හිව විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වී ඇතැ­යිද, පොදු ප්‍රවා­හන බස් රථ ඇතුළු රජයේ වාහ­න­ව­ලට සහ ගොඩ­නැ­ඟි­ලි­ව­ලට ගිනි තබ­මින් විරෝ­ධ­තා­ක­රු­වන් සිය විරෝ­ධත පළ කරද්දී තත්ත්වය පාල­නය කිරී­මට ඇඳිරි නීතිය පනවා ආර­ක්ෂක අංශ විසින් දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *