දළදා මාලිගාවේ නව දියවඩන නිලමේට 06ක් තරග බිමට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 07 වැනිදා මහනුවර දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු කොමාසාරිස් අංශය පවසයි.
ආරංචිමාර්ග පවසන ආකාරයට වැඩබලන දියවඩන නිලමේ වන හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ වෙනත් අපේක්ෂකයෝ හය දෙනෙක් පමණ 20 වැනි දියවඩන නිලමේ පදවියට පත්වීමේ වෑයමක නිරත වී සිටිති. මෙම අපේක්ෂකයන් අතර ප්‍රාදේශීය දේවාල බස්නායක නිලමේවරු කීපදෙනෙක් ද වෙති. ඒ අනුව නව දියවඩන නිලමේ නිලවරණය සඳහා මෙවර තියුණු තරගයක් පවතින බව ද දක්නට ලැබේ.
මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් අතර අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ප්‍රධාන 300කට අධික පිරිමි ගිහි පැවිදි පිරිසක් වෙති.
සංස්කෘතික කටයුතු කොමසාරිස් ජනරාල්වරයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඡන්දදායක රැස්වීමේදී මෙම තෝරාපත් කර ගැනීම සිදු කෙරේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

