Latestදේශීය

අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඉල්ලීම ඊයේ (3දා) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව විරෝධතා තිබේනම් ඒවා මේ මස 28 දා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය. ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් 15 වැනිදා සිදු කිරීමට ද නියම කෙරිණි.

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් නියම කරනු ලැබීය. එම සිරදඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *