“අහස තරම් ජීවිතයට” හෙට පනාපිටියට
(විශ්ව ප්‍රභාත් රශ්මික)
පෙරඹර සංස්කෘතික අවකාශය, අහස පුස්තකාල ජාලය සහ සාමූහික කලා සංගමය මගින් සංවිධානය කරන “අහස තරම් ජීවිතයට” සාහිත්‍ය ප්‍රදර්ශනය, ළමා සහ නවයෞවන කඳවුරහි නවතම වැඩසටහන හෙට (05) දවස පුරා කළුතර, පනාපිටිය අගමැති විද්‍යාලයේ පැවැත්වීමට නියමිතයි.
මෙම එක්දින වැඩසටහන ප්‍රධාන කොටස් 4කින් යුක්ත වන අතර දවස පුරා ක්‍රියාත්මක සාහිත්‍යධරයින්ගේ ජීවිත ඇසුරෙන් සකස් කරන ලද අර්ථාන්විත ප්‍රදර්ශනය පාසල් සිසු සිසුවියන්ට මෙන්ම පොදු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.
පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පැවැත්වෙන ළමා සහ නවයෞවන කඳවුර කොටස් දෙකකින් යුක්ත වන අතර ළමා කඳවුර 7 ශ්‍රේණිය දක්වා ද නවයෞවන කඳවුර 8 ශ්‍රේණියේ සිට ඉහල සිසු සිසුවියන් සඳහා ද ක්‍රියාත්මක වනු ඇති.
සවස 6ට ආරම්භ වීමට නියමිත “පෙරඹර සංස්කෘතික රාත්‍රිය” ගිනිමැලයක් වටා ඒකරාශි වන පාසල් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මෙන්ම මෙම සෞන්දර්යාත්මක අත්දැකීම විඳ ගැනීමට කැමති පොදු ජන සමාජයට විවෘතව පවතින බව අහස පුස්තකාල ජාලයේ ප්‍රධාන සංවිධායිකා දිල්රුක්ෂි වීරසිංහ අප සමග පවසන ලදි.
“පෙරඹර සංස්කෘතික රාත්‍රිය” අර්ථවත් මෙන්ම විචිත්‍රවත් කිරීම සඳහා සාමූහික කලා සංගමයේ කලාකරුවන් මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම රංගනයෙන්, නර්ථනයෙන් සහ ගායනයෙන් දායකවීමට නියමිතයි.
“පෙරඹර සංස්කෘතික රාත්‍රිය” සෞන්දර්යාත්මක ප්‍රසංගය මෙහෙයවනු ලබන්නේ යොහාන් සංජීව ඇන්තනි සහ ශෙනෝ පවුලින් විසිනි.

