Latestදේශීය

21 නිසා විපක්ෂය තවත් අර්බුදයක

මෙම මස 21 වෙනි දින ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ දී රැළියක් පැවැත්වීමට සැලසුම් කිරීමත් සමඟ සජිත් පිල සහ රාජපක්ෂ පවුලේ පොහොට්ටු පක්ෂය අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස පිලේ වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ එම රැළිය සාර්ථක කර ගැනීමට ඍජුව ම ක්‍රියාකාරීව එක් විය යුතු බව ය. එහෙත්, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස ප්‍රකාශ කර ඇත්තේ එම රැලියට ආශීර්වාද කරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එම රැළිය මඟහැර යාමට උත්සාහ කරන අතර, එම පක්ෂයේ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වී සිටී.

මේ අතර, නාමල් රාජපක්ෂගේ විශේෂ උපදෙස් මත ජී. ඇල්. පීරිස්ගේ මූලිකත්වයෙන් වෙනම ඒකාබද්ධ සන්ධානයක් ගොඩ නැගීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට හෙළි වී තිබේ. එහි තවත් එක් පියවරක් ඊයේ රාත්‍රියේ ජී. ඇල්. පීරිස්ගේ නිවසේ පවත්වනු ලැබීය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *