Latestවිදේශීය

ජනතා විරෝධතා මැද සමියා දිවුරුම් දෙයි

අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් ටැන්සා­නි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එරට පළමු කාන්තා ජන­පති සමියා සුලුහු හසන් දැඩි ආර­ක්ෂක රැක­වල් මැද ඊයේ දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය දෙවැනි ධුර කාලය ආරම්භ කරනු ලැබුවේ ඇගේ ජය­ග්‍ර­හ­ණය ප්‍රති­ක්ෂේප කර­මින් විප­ක්ෂය සහ දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බැස සිදු කළ විරෝ­ධ­තාව අත­ර­තු­ර­දීය. මහ­ජ­න­තා­වට දොරටු වසා පැවති අධි ආර­ක්ෂිත උත්ස­ව­යක් අත­ර­තුර 65 හැවි­රිදි රාජ්‍ය නායි­කාව දිව්රුම් දීම සිදු කර ඇති අතර, එම උත්ස­වය ආව­ර­ණය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය­යට පම­ණක් අව­සර ලැබී තිබූ බව ද වාර්තා වේ.

නව ජන­ප­ති­නිය පසු­ගි­යදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී 98%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබූ බව එරට මැති­ව­රණ කොමි­සම නිවේ­ද­නය කළ අතර, දුෂිත මැති­ව­ර­ණ­යක් පැවැත්වූ බවට චෝදනා කර­මින් එරට විප­ක්ෂය ආරම්භ කළ විරෝ­ධ­තාව පසුව රට පුරා පැතිරී යෑමෙන් ප්‍රච­ණ්ඩ­ත්ව­යට හැරුණු බව ද වාර්තා වේ. විරෝ­ධ­තා­ක­රු­වන් පාල­නය කිරීම සඳහා පොලී­සිය හා ආර­ක්ෂක අංශ ජීව උණ්ඩ භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇතැයි ද, 700කට අධික විරෝ­ධ­තා­ක­රු­වන් පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද තොර­තුරු වාර්තා වී තිබේ. එහෙත් එම වාර්තාව ජනා­ධි­ප­ති­නිය ප්‍රති­ක්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *