Latestදේශීය

රාජ්‍ය ව්‍යාපාරවලින් බිලියන 227ක ලාභයක් – චතුරංග අබේසිංහ

රජ­යට අයත් ව්‍යාපා­ර­ව­ලින් භාණ්ඩා­ගා­ර­යට රුපි­යල් බිලි­යන 227ක ලාභ­යක් මෙම වසරේ මුල් භාගය තුළ ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය.

දූෂිත සහ අදක්ෂ පුද්ග­ල­යන් විසින් අකා­ර්ය­ක්ෂම කරන ලද පාඩු ලබන ව්‍යාපාර කිහි­ප­යක් ඇති බවත් මෙම ව්‍යාපාර ලාභ­දායී කිරීම සඳහා ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යක් ආර­ම්භ­ කර ඇති බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

රාජ්‍ය ආය­ත­න­ව­ලින් භාණ්ඩා­ගා­ර­යට ලැබෙන ආදා­යම ඉදිරි වස­ර­ව­ලදී තව­දු­ර­ටත් ශක්ති­මත් කළ හැකි බව ද ඔහු සඳ­හන් කළේය.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යව­සා­ය­කත්ව අක­ර්මණ්‍ය කළ සාහ­සික ක්‍රියා­දා­මය 2024 සැප්තැ­ම්බර් 21න් අව­සන් වුණා. ලෝකේ සෑම රට­කම රාජ්‍ය ව්‍යව­සා­ය­කත්ව ඒ ඒ රට­වල සංව­ර්ධ­න­යට දැවැන්ත කාර්ය­භා­ර­යක් අද­ටත් කර­නවා. සම­හර රට­වල් සිය සංව­ර්ධන අර­මුණු ඉටු­ක­ර­ගත් පසු රාජ්‍ය ව්‍යව­සා­ය­ක­ත්ව­යන් අත්හැර කාර්ය­ක්ෂම වෙළෙ­ඳ­පො­ළ­කට භාර දුන්නා.

රාජ්‍ය­යට අයිති නම් එහි අර­මුණ ලාභ උප­රිම කිරීම නොවේ. ආර්ථික හා සමාජ ප්‍රති­ලාභ උප­රිම කිරීම හා අකා­ර්ය­ක්ෂම වෙළෙ­ඳ­පොළ කාර්ය­ක්ෂම කිරී­මයි.

ශ්‍රී ලංකාවේ මේ ආකා­ර­යෙන් ඉතා අව­ධා­න­යෙන් කළ­ම­නා­ක­ර­ණය කරන රාජ්‍ය ව්‍යාපාර 52ක් තියෙ­නවා. මේවා උපා­ය­මා­ර්ගික රාජ්‍ය ව්‍යව­සාය ලෙස හඳු­න්ව­නවා. මෙම රාජ්‍ය ව්‍යාපා­ර­වල වැද­ග­ත්කම බාල්දු කිරී­මට සම­හර විශ්ලේ­ෂ­ක­යන් කජු සංස්ථාව උදා­හ­ර­ණ­යට ගන්නවා. පෞද්ග­ලික ප්‍රාග්ධ­න­යෙන් යැපෙන විශ්ලේ­ෂ­ක­යන් රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන අති­ශය සාවද්‍ය සාහ­සික බොරුව සමා­ජ­ගත කර­නවා” යැයි ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා කීය.

“වර්ත­මාන රජය බල­යට එන්නෙ මෙන්න මේ රාජ්‍ය ව්‍යාපා­රය ශක්ති­මත් කරන්න. නාස්තිය වංචාව අවම කරලා ශක්ති­මත් අධ්‍යක්ෂ මණ්ඩල දේශ­පා­ලන මැදි­හත් වීම­කින් තොරව සුදුසු පුද්ග­ල­යන් හැකි­යාව මත පත්ක­රන්න. ඒ වගේම මෙම ආය­තන කළ­ම­නා­ක­ර­ණය කරලා දේශ­පා­ලන මැදි­හ­ත්වීම අවම කරන්න නව පන­තක් මේ වෙන කොටත් නිර්මා­ණය වෙමින් තිබෙන්නේ. ඔබ ඉතා හොඳින් බැලු­වොත් මේ හැම රාජ්‍ය ව්‍යාපා­ර­ය­ක­ටම ලාභ ලැබී­මෙන් ඔබ්බට ගිය සමාජ ආර්ථික කාර්ය­භා­ර­යක් තියෙ­නවා” යැයි ද ඔහු කීය.

“ඔබේ බදු මුදල් විනාශ කරන්නෙ රාජ්‍ය ව්‍යාපාර කියන කාර­ණාව අති­ශය සාව­ද්‍යයි. ශ්‍රී ලංකාවේ මේ ව්‍යාපාර සම­ස්තය 2023 වසරේ රු. බිලි­යන 427ක ලාභ­යක් ලබලා තිබෙ­නවා. ඒ වගේම 2024 දී 538ක්, ඔබ නික­මට හිතන්න මේ සියල්ල පෞද්ග­ලීක­ර­ණය කළා නම්, මේ සියලු ලාභය යන්නෙ පෞද්ග­ලික ප්‍රාග්ධන හිමි­යන් කීප­යක් අතට.

ඒ වගේම මේ බහු­ත­ර­යක් අනම්‍ය අත්‍ය­වශ්‍ය භාණ්ඩ හා සේවා, සම්පූ­ර්ණ­යෙන් පෞද්ග­ලී­ක­ර­ණය වුණා නම්, මිල පිළි­බඳ තර­ගය මහ­ජ­න­තා­ව­ගෙන් ගිලිහී යනවා. උදා­හ­ර­ණ­යක් ලෙස අද අපිට අයත් බැංකු පෞද්ග­ලික බැංකු එක්ක තරග කර­නවා. සතොස තරග කර­නවා. ගම­නා­ග­මන මණ්ඩ­ලය තරග කර­නවා. මිල්කෝ එක තරග කර­නවා. ඒ වගේම දැවැන්ත සමාජ කාර්ය­භා­ර­යක් ලංකා සීනි සමා­ගම, ධීවර සංස්ථාව හා ඖෂ‍ධ නීති­ගත සංස්ථාව කර­නවා” යැයි ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

‘සැබෑ දත්ත මත අපි ඉදි­රි­යට යමු’ මේ රට අපි ප්‍රති­නි­ර්මා­ණය කර­නවා. ශක්ති­මත් රාජ්‍ය ව්‍යාපාර පද්ධ­ති­යක් වගේම ‘ශක්ති­මත් පෞද්ග­ලික අංශ­යක් සමඟ ඉදි­රි­යට යමු’ යැයි ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

රාජ්‍ය ව්‍යව­සා­යන් 2025 පළමු භාගය තුළ මිශ්‍ර මූල්‍ය කාර්ය සාධ­න­යක් වාර්තා කළ බවට පළ වූ ප්‍රවෘත්ති වාර්තා සම්බ­න්ධ­යෙන් ප්‍රති­චාර දක්ව­මින් ඊයේ (05) නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *