කළුතර වෙරළට කෝටි 3ක මත්ද්‍රව්‍ය ගොඩගසයි
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට ගොඩගසා තිබූ පාර්සලයේ හෂීෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 10ක් තිබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එහි හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 03ක් පමණ වන බව පැවසේ.
වෙරළට ගොඩ ගසා තිබූ සැකකටයුතු පාර්සලයක් දැක තිබූ අසළ සිටි පිරිසක් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දීමෙන් අනතුරුව, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ අදාළ පාර්සලය පරීක්ෂා කර ඇත.
එහි දී මෙම පාර්සලය තුළ තවත් පාර්සල් 10ක් පමණ තිබී ඇත. එම පාර්සල් සුරක්ෂිතව රැගෙනගොස් පරීක්ෂා කිරීමේදී එහි මත්ද්‍රව්‍ය ඇති බවට සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

