නැවතත් නිලංග
ශ්‍රී දළදා මාලිගාවේ 19වැනි දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල මහතා යළිත් පත්ව ඇතැයි ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කරයි.
ඒ අනුව ඡන්ද 195 ක් ලබා ගනිමින් 2035 වසර වනතුරු දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර දෑල මහතා විසින් දරනු ලැබේ.
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළ ඡන්දය විමසීම අද (07) මහනුවර එක්සත් බෞද්ධ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ප.ව 2 පැවැත්වුණි. ඒ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර ඡන්දය ප්‍රකාශකිරීම සඳහා 362 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මේ සඳහා ප්‍රතිපාදන හිමිව තිබේ. ඒ අනුව මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා අතිපූජ්‍ය මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු ඇතුළු උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක රජමහා විහාර 157 ක භාරකාර හිමිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරු 170 ක් මෙන්ම බස්නායක නිළමේවරු 31 ක් ද,විහාර හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

