Latestවිදේශීය

ඊලෝන් මස්ක්ට හිමිවන ඩොලර් ට්‍රිලියනයක පැකේජය

ධනකුවේර ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න ගෙවීම් පැකේජයක් ගෙවීමට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් එකඟවී තිබේ.

මේ අනුව ඔවුන් එකඟ වී ඇති පැකේජය අමෙරිකානු ඩොලර් බිලියන 878 ඉක්මවූ පැකේජයකි.

එම පැකේජය ඔහුට ලබාදීමට තීරණය කර ඇත්තේ ටෙස්ලා සමාගමේ ආදායම ඉහළ නැංවීම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේ බව සඳහන්වේ.

මස්ක්ට මෙතරම් දැවැන්ත පැකේජයක් ලබාදීමට ගත් තීන්දුවට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන්ගෙන් සියයට 75කගේ අනුමැතිය හිමිව ඇත.

ඔහු යම් දිනක සමාගමෙන් ඉවත්වීමට ඇති අවදානම අවම කරගැනීමට මෙතරම් දැවැන්ත පැකේජයක් යෝජනා කළ බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම පැකේජය ඔහු වෙත හිමිවන්නේ ඉදිරි දශකය තුළ ඔහු සමාගමේ ආදායම වෙළෙඳපොළ වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවුවහොත් පමණක් බවත්, ඉදිරි වසර දහය තුළ ඔහු අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් වන සමාගමේ වත්මන් වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5 දක්වා ඉහළ නැංවිය යුතු බවත් සමාගම පවසයි.

එලෙස ආදායම ඉහළ නැංවීමට නම් ස්වයංක්‍රීයව ධාවන වන රොබෝ ටැක්සි මිලියනයක් පමණ වාණිජ මෙහෙයුම් සඳහා අලෙවි කිරීමට හා සමාගම නිපදවන ටෙස්ලා බොට් නම් රොබෝවා ඇතුළු තවත් නිෂ්පාදන ගැන අවධානය යොමුකිරීමට ද මක්ස්ට සිදුවේ.

කෙසේ වෙතත්, අමෙරිකානු ඩොලර් බිලියන 500 ඉක්මවූ ධනයකට උරුමකම් කීමට ඊලෝන් මස්ක් සමත් උවහොත් ඔහු වාර්තා අතරට එක් වන්නේ ලොව ධනවත්ම මිනිසා ලෙසය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *