Latestවිදේශීය

ජේම්ස් වොට්සන් මියයයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු නොයෙසේනම් සම සොයාගැනීම් කරුවෙක් වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්තවේ.

මිය යන විට ඔහු 97වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව 1953 වසරේ දී සොයාගනු ලැබීය.

ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේ දී නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *