මලෛයිගම් ජනතාව රතිඤ්ඤා දල්වති
මලෛගම් ජනතාවට මෙතෙක් ලැබුණු රුපියල් 1350ක දිනක වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර දිසානයක ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2026 අයවැයෙන් කටයුතු කළ අතර ඊට සිය ප්රතිචාර දක්වමින් මලෛයිගම් ජනතාව රතිඤ්ඤා දල්වමින් කිරිබත් උයමින් සතුටු වූ අයුරු වතු ආශ්රිත ප්රදේශවල දක්නට ලැබිණි.
එම දෛනික වැටුප් වැඩි කිරීම අනුව ඒ අනුව වතු හාම්පුතුන් විසින් දිනකට රුපියල් 200ක් මූලික වැටුපට එකතු කරන අතර, රජය විසින් පැමිණීමේ දීමනාවක් ලෙස තවත් රුපියල් 200ක් වැටුපට එකතු කරනු ලබයි. ඒ අනුව මසකට දින 25ක් වැඩ කරන කම්කරුවෙකු සඳහා මාසයකට වන වැටුප් වැඩිවීම රුපියල් 10,000කි.
මෙය මලෛගම් කම්කරුවෙකුට ඉතිහාසයේ ලැබුණු විශාල වැටුප් වැඩිවීමය. මීට පෙර වැටුප් වැඩි කර ගැනීම සඳහා වැඩ වර්ජන උද්ඝෝෂණ කරමින් පීඩාවට පත්වුණු නමුත් මෙවර ජාතික ජන බලවේග ආණ්ඩුව තීන්දුවක් ගෙන මලෛගම් කම්කරු ජනතාව වෙත ලබාදුන් මෙම සහනය සමඟ මෙලෙස මලෛගම් ජනතාව රටේ තැනින් තැන රතිඤ්ඤා දල්වමින් කිරිබත් උයමින් සතුට ප්රීතිය සමරමින් සිටිති.
ඉහත ඡායාරූප සහ වීඩියෝවල ඇත්තේ ලුණුගල, හපුතලේ ප්රදේශවල ජනතාව එසේ සතුටු වූ අවස්ථාවන්ය.
@Lanks Truth

