Latestදේශීයනවතම ලිපි

`මැරතන් කරූ’ මියගිය අභිරහස සහ ජේ ආර් ගේ පුතා

ජපානයේ ටෝකියෝ නගරයේ දී 1964 දී පවත්වන ලද ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රණතුංග කරුණානන්දගේ අභිරහස් මරණය පිළිබඳව නැවත සාකච්ඡාවක් මතු වී තිබේ.

මැරතන් කරූ යනුවෙන්ද ඔහු හඳුන්වන අතර මේ අපි කතා කරන්නේ 1993 සාෆ් ක්‍රීඩා උළෙලේ මීටර් 10,000 හා මැරතන් ඉසව්වලින් රන් පදක්කම් ලැබූ කේ. ඒ. කරුණාරත්න ගැන නොවේ. `මැරතන් කරූ’ කියූ සැනින් මතකට එන කේ. ඒ. කරුණාරත්න 2008 දී ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේට වැලිවේරියේ දී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ය.

එම ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 06 දෙනෙකු සහභාගී වී ඇති අතර, එම පිරිසගේ නායකත්වය ජේ.ආර් ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන විසින් දරා තිබිණි. ඔහු මිය යන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ රණතුංගගේ කරුණාරත්න හෙවත් මැරතන් කරූ පිළිබඳව ජපානයේ පෙළ පොත් අතරට ද එක් කර තිබිණි.

අම්පාර නාමල් ඔය ජලාශයේ ගිලී මිය ගිය මැරතන් කරූ පිළිබඳව ඔහුගේ පුතු හෙළි කරන කරුණු සහ තවත් විස්තර පහත වීඩියෝ දෙකෙන් දැක්වේ. රාජපක්ෂ පවුලේ පුතුන්ට අභියෝගයක් වූ රගර් ක්‍රීඩක තාජුඩීන් අභිරහස් ලෙස මරා දමන ලද සිද්ධියට සමාන තත්වයක් මැරතන් කරූ සිදුවීම පිටුපස තිබේද යන්න සැකයක් මතු වී ඇත.

එම මරණය පිළිබඳව යූටියුබ් නාලිකා දෙකකින් කරුණු හෙළි කර ඇත.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *