Latestදේශීය

හපොයි…. 21 රැලිය

ලබන 21 වෙනි දින ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබෙන නුගේගොඩ රැලියට රනිල් වික්‍රමසිංහ සහභාගී නොවී හරීන් ප්‍රනාන්දු යැවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම තීරණය ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ දෙදෙනා අතරේ ඇති කර ගත් එකඟතාවයක් අනුව ය. රැලිය සඳහා හිටපු ජනාධිපතිවරු සහභාගී කර නොගන්නා පදනමක් රනිල් වික්‍රමසිංහ විසින් නාමල් රාජපක්ෂට ඉදිරිපත් කර ඇති අතර, ඔහු එයට එකඟ වී ඇත.

එසේ වුවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හරීන් ප්‍රනාන්දු එම රැලියට සහභාගී කරන බව මේ වනවිටත් තහවුරු කර ඇත. මේ අතර රාජිත සේනාරත්න ද එම රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *