Latestදේශීය

උසස් පෙළ විභාගය අද සිට

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,362කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 246,521 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 94,000 දෙනකු වශයෙන් අපේෂකයින් 340,521 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.

විභාගය ආරම්භ වීමට නියමති වේලාවට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් තමන්ගේ විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඊයේ(09) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරිය මේ බව සඳහන් කළාය.

විභාග වංචාවලට හසු නොවී අවධානයෙන් විභාගයට පෙනී සිටින්නැයි, කිසියම් අපේක්ෂයෙකු එවැනි දෙයකට සම්බන්ධ වුවහොත් නෛතික පියවර ගැනීමට සිදුවන බවද ඇය සඳහන් කළාය.

යහපත් මානසික සෞඛ්‍යකින් යුතුව ඉතා සාර්ථකව විභාගයට පිළිතුරු ලිවීමට දරුවන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද ඇය සඳහන් කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *