Latestදේශීය

කෝටි 500 මත්ද්‍රව්‍ය ජාවාරමේ තවත් තොරතුරු සොයා මාලදිවයිනට යයි

ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් දුන් තොර­තු­ර­කට අනුව මාල­දි­ව­යින වෙර­ළා­ර­ක්ෂක බළ­කාය එරට මුහුදු සීමා‍‍වේදී රුපි­යල් කෝටි 500ක් පමණ වටිනා අයිස් සහ හෙරො­යින් කි‍ලෝ 300කට ආසන්න ප්‍රමා­ණ­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන සිටින ශ්‍රී ලාංකික ධීව­ර­යන් 06 දෙනා සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශන කට­යුතු සඳහා මෙර­ටින් විම­ර්ශන කණ්ඩා­ය­මක් මාල­දි­ව­යින බලා පිට­ත්කර හැරී­මට රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරි, නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා ඊයේ (09) සවස පැව­සීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ සහ නාවික හමුදා නිල­ධා­රී­න්ගෙන් එම විම­ර්ශන කණ්ඩා­යම සම­න්විත වන බව ආරංචි මාර්ග සඳ­හන් කළේය. මේ මත්ද්‍රව්‍ය තොගය විදේ­ශ­ග­තව සිටි­මින් මත්ද්‍රව්‍ය ජාවාර‍මේ නිරත ජාවා­ර­ම්ක­රු­වන් සිවු දෙ‍නකුට අයත් බවට සැක කරන තොර­තුරු විම­ර්ශන කණ්ඩා­යම් වෙත ලැබී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් තහ­වුරු කර­මින් ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. මාල­දි­ව­යින් වෙරළ ආර­ක්ෂක බළ­කායේ අත්අ­ඩං­ගු­වට පත්ව සිටින පිරිස රැගත් බහු­දින යාත්‍රාව ද මෙරට ලියා­ප­දිංචි කර ඇති එකකි. ජාවා­ර­ම්ක­රු­වන්ගේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව ජාත්‍ය­න්තර මුහු­දට ගොස් පාකි­ස්තානු ජාවා­ර­ම්ක­රු­වන් පැමිණි යාත්‍රා­ව­කින් මත්කුඩු තොගය භාර­ගෙන ඇත්තේ යැයි පැව­සෙන්නේ මෙර­ටට රැගෙන ඒම­ටයි.

මේ බහු­දින යාත්‍රාව මත්ද්‍රව්‍ය රැගෙන මෙර­ටට පැමි­ණෙ­න­තුරු මෙරට මුහුදු තීර­යේත්, ජාත්‍ය­න්තර මුහුදු සීමා­වේත් ශ්‍රී ලංකා නාවික හමු­දාව අව­ධා­න­යෙන් සිට ඇත. ඒ බව දැන ගත් ජාවා­ර­ම්ක­රු­වන් යාත්‍රාව මාල­දි­ව­යින දෙසට යාත්‍රා කර ඇති බව සඳ­හන්ය. ඒ ගැන අව­ධා­න­යෙන් සිටි නාවික හමු­දාව වහාම ඒ බව මාල­දි­ව­යින වෙර­ළා­ර­ක්ෂක බළ­කා­යට දැනුම්දී තිබේ. ඒ අනුව එම යාත්‍රාව මාල­දි­ව­යින වෙර­ළා­ර­ක්ෂක බළ­කාය විසින් කොටු කර­ගෙන ඇත්තේ පෙරේදා (08)ය.

ශ්‍රී ලංකා නාවික හමු­දාව රුපි­යල් කෝටි 500ක් පමණ වටිනා මත්කුඩු තොග­යක් සමඟ බෝට්ටු­වක් පසු­ගි­යදා කොටු කර­ගෙන තිබුණි. දික්ඕ­විට වරා­යට පසු­ගිය 02 වැනිදා ධීව­ර­යන් 06 දෙනෙක් සමඟ රැ‍ගෙන ආවේ එම මත්කුඩු තොගය රැගත් යාත්‍රා­වයි. එම බෝට්ටු­වෙන් රැගෙන ආ මත්කුඩු තොගය සහ මාල­දි­ව­යි­නේදී අත්අ­ඩං­ගු­වට ගත් මත්කුඩු තොගය එකම ජාවා­ර­ම්ක­රු­වන්ට අයත් බවට සැක කෙරේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *