Latestදේශීය

ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුවට අවසර

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට හා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අලස් හෝ දූෂණ විමර්ශන කොම්සන් සභාව විසින් තමා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (10දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එම නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 16 වන දා පැවැත්වීමටද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවිප්‍රාප්තියේ හතරවන වසර සැමරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ මුදලින් රුපියල් 1740000 ක මුදලක් වැය කර පුවත් පත් දැන්වීම් පළකිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ අයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත ඉදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව පවරා තිබේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *