පුරන් කුඹුරු අස්වද්දන්න රැඳවියන් ගොවි බිමට
මාතර බන්ධනාගාරයට අනුබද්ධිත පිටබැද්දර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවන් විසින් මෙවර මහ කන්නය වෙනුවෙන් කුඹුරු අක්කර පහක් අස්වැද්දීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
මේ සඳහා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කෙටිකාලීන සිර දඩුවම් නියමවූ රැඳවුවන් 13 දෙනකු එක්වූ අතර මෙයින් ලබා ගන්නා වී අස්වනු මාතර බන්ධනාගාරයේ රැඳවුවන්ගේදෛනික ආහාර පරිබෝජනය සඳහා යොදා ගැනීමට නියමිතය.
පිටබැද්දර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය භාර නිළධාරි සැරයන් සරත් නිශාන්ත මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරිහු පිරිසක්ද මෙම කුඹුරුඅස්වැද්දීමේ අවස්ථාවට සහභාගී සිටියහ.
මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් පළ කළ මාතර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි ඒ.එම්.පි.වසන්ත කුමාර මහතා සඳහන් කලේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්වයං ආර්ථික යැපුම් මට්ටමට පත් කිරිමේ අරමුණින් ආරම්භ කළ වැඩසටහන් යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සි.ධනසිංහ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ජේ.සි.වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම අස්වැද්දීමේ කටයුතු සිදු කළ බවයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා සිර දඩුවම් නියමවී අධීකරණ මගින් මාතර බන්ධනාගාරයට යොමු කරන රැඳවුවන් සාම්ප්‍රදායික පුනරුත්ථාපනයෙන් බැහැරව ,තමන් විසින්ම වගාකර තමන්ගේ ආහාර සපයාගැනීමේ කාර්යයට දායක කර ගැනීමක් මෙහිදී සිදු වනවා. සිරකරුවන් රටට බරක් නොවී බන්ධනාගාර තුළ කල්ගෙවීම ඔවුන්ටත් රටටත් හොඳයි.මෙම පිටබැද්දර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වී වගාව මෙන්ම අක්කර 11 පමණ භූමි ප්‍රමාණයක සරවට වැඩුණු රබර් වගාවක් වනවා.එහි කිරි කැපිමේ කටයුතුද රැඳවුවන් විසින් සිදු කරනු ලබනවා. එම රබර් කිරි මගින් රබර් ෂීට් නිපදවා ටෙන්ඩර් කැඳවීමක් මගින් ඉහළම මිලකට අලෙවි කරනවා.ඒ තුළින් වාර්ෂිකව ඉහළම ආදායම් උපයා ගැනීමට හැකිවී තිබෙනවා‘යැයිද වසන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
@දිනමිණ

