පොලීසියෙන් කියා පරීක්ෂා කර මංකොල්ලා කාලා
ස්වයංරැකියාවක නිරත යුවලක් 08 වන දින රාත්‍රියේ බෙම්මුල්ල පොලිස් වසමට අයත් බෝගමුව ප්‍රදේශයේ වෙළදසැලක ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිකරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව පරීක්ෂාවට ලක්කර ඇත.
පොලිස් නිලධාරීන් බවත් පූර්ණ පරීක්ෂාවක් සිදුකළ යුතු බවත් පවසා යුවල පැමණ සිටි ත්‍රී රෝද රථයද පරීක්ෂා කර ඇති අතර අලෙවිකරු උරහිස හරහා දමාගෙන සිටි බෑගයද පරීක්ෂාවට ලක්කර ඇත.
අනතුරුව යතුරුපැදිකරුවන් දෙදෙනා පිටව ගොස් ඇති අතර අදාල යුවලට බෑගයේ තිබූ රුපියල් 30000/= ක පමණ මුදලක් නොමැති බව වැටහීමෙන් බෙම්මුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

