1818ට පැමිණිලි 800ක්
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1818 දුරකථන අංකයට පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය දින 4 තුළ මෙම පැමිණිලි 800 ලැබී තිබූ බවය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (09) පැවැති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“පාසල්වල තොරතුරු ලැබිලා තිබෙනවා. 1818 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදීමෙන් පසු දින 4ක් ඇතුළත දුරකථන ඇමතුම් 800ක් විතර ලැබිලා තිබුණා. ඒවා පොලිස්පතිතුමාට භාරදීලා තියෙනවා..වැටලීම් කරන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් එනවා.”
“ඒ වගේම මෙම මෙහෙයුම් ආරම්භ කරපු පළවෙනි දින 4 තුළ පොලීසිය සිදුකළ මෙහෙයුම්වලින් 5300ක් අත්අඩංගුවට ගත්තා. එහිදී අපිට දැකගන්න ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය විශාල වශයෙන් තිබෙන බව.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

