කොළඹ පුරපතිනිය ඇස්බැන්දුමක් එක්ක නගරයේ සැරිසරයි
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව ඊයේ (11) දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට සහභාගී විය.
එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයකි.
එම පාගමන කොළඹ මහනගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව සහාගී විය.
මේ සම්බන්ධයෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ පහත සඳහන් සටහන තබා තිබුණි.
අපේ නගරය දෘශ්‍යාබාධිත අයෙකුට කොහොමද හැඟෙන්නේ?
දෘශ්‍යාභාධිත ප්‍රජාව සහ මගේ මිතුරා හා සහෝදරයා වූ මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ ආරාධනයකට අනුව, මමද ඔවුන්ගේ පාගමනට එකතු වුණා — ඇස් බැන්දුමක් එක්ක. සුළු මොහොතකට, දුටුකම් නොමැතිව, අපේ නගරය හරහා යාම කොපමණ අභියෝගාත්මකදැයි මට අත්විඳින්න ලැබුණා.
අපේ නගරය, අබාධිත සහිත පුද්ගලයින් සඳහා සැබවින්ම අසීරු තැනක්. නව අයවැයෙන්, අපි මේ වෙනසක් අරඹන්න බලාපොරොත්තු වෙනවා — පහසුව, ආරක්ෂාව සහ ගෞරවය සහිතව සියලු පුරවැසියන්ට නගරයක් නිර්මාණය කරන්න පියවර ගැනීමෙන්.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

