Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ආරක්ෂාව පකිස්ථාන හමුදාව බාරගනී

ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.

තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම්දෙමින් ඔහු මේ බව පැවසීය.

පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් මහතා ද මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුම්වත්කර ඇති බවද සඳහන්.

“අපේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා”  මොහ්සින් නක්වි පවසයි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවිය.

පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27කට තුවාල සිදුකරමින් එල්ල වූ මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද් හිදී සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

එම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට ඇත්තේ කිලෝමීටර 10කටත් අඩු දුරක්ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *