Latestදේශීය

හුරුළුවැවෙන් මතුවූ උණ්ඩ

හුරුළුවැවේ දිය නාන තොටුපළ කිට්ටුව රළපනාව අසළ තිබී උණ්ඩ තොගයක් ‍‍හමු වී තිබේ.

ඒ, පසුගිය 11 වනදා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ සෝදිසියකදීය.

සොයාගත් උණ්ඩ අතර T56 උණ්ඩ 21ක්, GPMG අවිවලට සහ MPMG අවිවලට භාවිත කරන උණ්ඩ 33ක්, 9MM පිස්තෝල අවි සඳහා භාවිත කරන උණ්ඩවල හිස්කොපු 118ක් හා දුම් බෝම්බයක් තිබූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.

මෙම උණ්ඩ භාවිතයට සුදුසු තත්වයේ නැති බවත් සොයාගත් මෙම උණ්ඩ සහ දුම් බෝම්බය ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.

මෙම උණ්ඩ සහ දුම්බෝම්බට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *