Latestදේශීය

නව මැතිවරණ කොමසාරිස් රසික පීරිස්

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වන රසික පරීස් මහතා 1998 මාර්තු 02 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබැ තිබෙයි.

1998 සැප්තැම්බර් 15 වන දින මැතිවරණ දෙපාර්තුමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවය‌ට එක් වූ ඒ මහතා එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ,නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27 ක් ‌සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියා වේ

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *